දානියෙල්
1 යූදා දේශයේ රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු තුන්වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යෙරුසලමට ඇවිත් ඒක වැටලුවා.+ 2 පස්සේ යෙහෝවා දෙවියන් යූදා දේශයේ රජ වුණ යෙහෝයාකිම්ව එයාගේ අතට අල්ලලා දුන්නා.+ සැබෑ දෙවියන් තමන්ගේ මාලිගාවේ තිබුණු සමහර භාණ්ඩ අරගෙන යන්නත් ඉඩහැරියා. නෙබුකද්නෙෂර් රජ ඒ භාණ්ඩ ෂීනාර්*+ දේශයේ තිබුණ එයාගේ දෙවියන්ගේ දේවාලයට අරන් ගිහින් ඒකේ භාණ්ඩාගාරයේ තිබ්බා.+
3 දවසක් රජ එයාගේ ප්රධාන නිලධාරියා වුණ අෂ්පෙනස්ට කතා කරලා ඊශ්රායෙල් සෙනඟ අතරින් සමහරදෙනෙක්ව එයා ඉස්සරහට ගේන්න කියලා අණ කළා. රජ පවුලට සහ වංශවත් පවුල්වලට අයිති අය+ ඒ අයට ඇතුළත් වෙන්න ඕනෙ කියලත් රජ කිව්වා. 4 එයාලා නිරෝගී, කඩවසම් පෙනුමක් තියෙන, තරුණ අය වෙන්න ඕනෙ කියලත් රජමාලිගාවේ සේවය කරන්න හැකියාවක් තියෙන, දැනුම් තේරුම් ඇති, ඥානවන්ත අය+ වෙන්න ඕනෙ කියලත් රජ අණ කළා. ඒ අයට කල්දිවරුන්ගේ පොත් පත් සහ ලියවිලි ගැන අවබෝධයක් ලබා දෙන්න කියලත් එයාලාගේ භාෂාව උගන්නන්න කියලත් රජ අෂ්පෙනස්ට කිව්වා. 5 රජ වෙනුවෙන් හදන කෑමවලින් සහ වයින්වලින් කොටසක් හැමදාම ඒ තරුණයන්ට දෙන්න කියලත් රජ අණ කළා. අවුරුදු තුනක් එයාලව පුහුණු කළාට පස්සේ එයාලා රජට සේවය කරන්න ඕනෙ කියලා රජ නියම කළා.
6 එයාලා අතරේ යූදා ගෝත්රයට අයිති තරුණයෝ කීපදෙනෙකුත් හිටියා. ඒ දානියෙල්,*+ හනනියා,* මිෂායෙල්* සහ අෂරියා.*+ 7 රජගේ ප්රධාන නිලධාරියා එයාලට අලුත් නම් දුන්නා.* දානියෙල්ව බෙල්ටෂසර්+ කියලත් හනනියාව ෂද්රක් කියලත් මිෂායෙල්ව මේෂක් කියලත් අෂරියාව අබෙද්නෙගෝ+ කියලත් නම් කළා.
8 රජ වෙනුවෙන් හදන කෑමවලින් සහ වයින්වලින් අපවිත්ර* වෙන්නේ නැතුව ඉන්න දානියෙල් හදවතින්ම අදිටන් කරගත්තා. ඒ නිසා ඒ දේවල් කන්නේ බොන්නේ නැතුව ඉන්න අවසර දෙන්න කියලා දානියෙල් රජගේ ප්රධාන නිලධාරියාගෙන් ඉල්ලුවා. 9 දානියෙල්ට අනුකම්පා කරලා කරුණාවන්තව සලකන්න සැබෑ දෙවියන් රජගේ ප්රධාන නිලධාරියාගේ හිත පෙලඹුවා.+ 10 ඒත් එයා දානියෙල්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා වන රජ්ජුරුවන් තමයි ඔයාට ඒ කෑම බීම දෙන්න කියලා මට අණ කළේ. එතුමාගේ අණට විරුද්ධ වෙන්න මට බයයි. ඔයාගේ වයසේ ඉන්න අනිත් තරුණයන්ට වඩා ඔයා දුර්වලයි කියලා රජතුමා දැක්කොත් එතුමා මගේ හිස ගසා දමයි.” 11 රජගේ ප්රධාන නිලධාරියා දානියෙල්වයි, හනනියාවයි, මිෂායෙල්වයි, අෂරියාවයි බලාගන්න වෙන නිලධාරියෙක්ව පත් කරලා තිබුණා. දානියෙල් එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. 12 “ඔබේ සේවකයන් වන අපි කරන මේ ඉල්ලීම සලකලා බලන්න කියලා ඔබෙන් ඉල්ලනවා. අපිට දවස් දහයක් යන කල් කන්න එළවළු විතරක් දෙන්න. බොන්න වතුර විතරක් දෙන්න. 13 දවස් දහය ඉවර වුණාම බලන්න රජ්ජුරුවන්ගේ කෑම කන තරුණයන්ගේ පෙනුමයි, අපේ පෙනුමයි අතරේ වෙනසක් තියෙනවාද කියලා. ඊටපස්සේ ඔබට පුළුවන් අපි ගැන තීරණයක් ගන්න.”
14 එයාලාගේ ඒ ඉල්ලීමට නිලධාරියා එකඟ වුණා. 15 දවස් දහයකට පස්සේ පැහැදිලි වුණා රජ වෙනුවෙන් හදපු කෑම කාපු තරුණයන්ට වඩා මේ හතරදෙනා නිරෝගීව හොඳට ඉන්නවා කියලා. 16 ඉතින් එයාලව බලාගත්ත නිලධාරියා රජ නියම කරපු කෑම සහ වයින් වෙනුවට එයාලට කන්න දිගටම එළවළු දුන්නා. 17 සැබෑ දෙවියන් එයාලා හතරදෙනාට ප්රඥාව වගේම පොත් පත් සහ ලියවිලි ගැන හොඳ දැනුමක්, අවබෝධයක් ලබා දුන්නා. දානියෙල්ට ඕනෙම දර්ශනයක සහ සිහිනයක තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවත් දෙවියන් දුන්නා.+
18 තරුණයන්ව පුහුණු කරන්න නෙබුකද්නෙෂර් රජ නියම කරපු කාලේ ඉවර වුණාට පස්සේ රජගේ ප්රධාන නිලධාරියා එයාලව රජ ඉස්සරහට ගෙනාවා.+ 19 තරුණයන් එක්ක කතා කළාට පස්සේ දානියෙල්, හනනියා, මිෂායෙල් සහ අෂරියා+ තරම් දක්ෂ වෙන කවුරුත් ඒ තරුණයන් අතරේ නැහැ කියලා රජට තේරුණා. එයාලා දිගටම එහේ ඉඳලා රජට සේවය කළා. 20 හොඳට හිතලා ඥානවන්තව උත්තර දෙන්න ඕන ප්රශ්න රජ එයාලාගෙන් ඇහුවාම එයාලා දක්ෂ විදිහට උත්තර දුන්නා. රාජධානියේ හිටපු මන්තර ගුරුකම් කරන පූජකයන්ට සහ පේන කියන අයට+ වඩා එයාලා දහ ගුණයකින් දක්ෂයි කියලා රජට තේරුණා. 21 සයිරස් රජ පාලනය කරපු පළවෙනි අවුරුද්ද වෙන කල්ම දානියෙල් එහේ හිටියා.+