10 සලමොන්ගේ හිතෝපදේශ.+
ප්රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි.+
ඒත් අඥාන පුතෙක් අම්මාව දුකට පත් කරයි.
2 දුෂ්ටකම් කරලා ලබාගන්න වස්තුවෙන් කිසි ප්රයෝජනයක් නැහැ.
ඒත් මරණයෙන් බේරෙන්නේ හරි දේ කරන අයයි.+
3 යෙහෝවා ධර්මිෂ්ඨයාට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ.+
ඒත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉටු කරලා දෙන්නේ නැහැ.
4 කම්මැළියා දුප්පත්කමට වැටෙයි.+
ඒත් උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි.+
5 බුද්ධිමත්ව වැඩ කරන පුතෙක් ගිම්හාන කාලේදී අස්වැන්න නෙළාගනියි.
ඒත් අස්වැන්න නෙළන කාලේදී නිදාගන්න පුතෙක්ට අත් වෙන්නේ ලැජ්ජාවයි.+
6 ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටයි.+
ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.
7 ධර්මිෂ්ඨයා ගැන හැමදාමත් තියෙන්නේ හොඳ මතකයන්.
හැමෝම එයාගේ හොඳ කතා වෙනවා.+
ඒත් දුෂ්ටයාගේ නම ඇහෙද්දීත් දැනෙන්නේ පිළිකුලක්.
එයාගේ නම මැකිලාම යනවා.+
8 ප්රඥාවන්තයා මඟ පෙන්වීම් පිළිගන්නවා.+
ඒත් මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දානවා.+
9 දෙවියන්ට විශ්වාසවන්ත කෙනා සුරක්ෂිතව ගමන් කරයි.+
ඒත් බොරුවෙන් ජීවත් වෙන කෙනාගේ බොරුව හෙළි වෙයි.+
10 කපටි විදිහට ඇස්වලින් ඉඟි කරන කෙනා වේදනා ඇති කරයි.+
මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දායි.+
11 ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙන උල්පතක්.+
ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.+
12 වෛරය රණ්ඩු දබර ඇති කරයි.
ඒත් ආදරය හැම වරදක්ම අමතක කරයි.+
13 අවබෝධයෙන් වැඩ කරන කෙනා ප්රඥාවන්තව කතා කරයි.+
ඒත් වේවැල තියෙන්නේ සිහිකල්පනාවෙන් වැඩ නොකරන කෙනාට දඬුවම් කරන්නයි.+
14 ප්රඥාවන්තයා දැනුම වස්තුවක් වගේ රැකගනියි.+
ඒත් මෝඩයාගේ කට එයාව විනාශයට ඇදලා දායි.+
15 පොහොසතාගේ ධනය එයාට බලකොටුවක්.
ඒත් දුප්පතා දුක් විඳින්නේ දුප්පත්කම නිසයි.+
16 ධර්මිෂ්ඨයා වැඩ කරන විදිහ නිසා ජීවනය ලැබෙයි.
ඒත් දුෂ්ටයාගේ වැඩ නිසා එයා පාපයට වැටෙයි.+
17 හික්මවීම් පිළිගන්න කෙනා ජීවනයට මඟ පෙන්වයි.
ඒත් අවවාදයට පිටු පාන කෙනා අනුන්ව නොමඟ යවයි.
18 හිතේ වෛරය හංගන කෙනා බොරු කියයි.+
අපහාසාත්මක කතා පතුරුවන කෙනා මෝඩයෙක්.
19 ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+
ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+
20 ධර්මිෂ්ඨයාගේ වචන පවිත්ර රිදී වගේ.+
ඒත් දුෂ්ටයාගේ සිතුවිලිවල කිසි වටිනාකමක් නැහැ.
21 ධර්මිෂ්ඨයා එයාගේ කතාවෙන් හුඟක් අයව පෝෂණය කරයි.+
ඒත් මෝඩයා එයාගේ මෝඩකම් නිසා මිය යයි.+
22 සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලිනුයි.+
ඔහු ඒ ආශීර්වාදවලට කිසි වේදනාවක් එකතු කරන්නේ නැහැ.
23 පහත් විදිහට හැසිරෙන එක අඥානයාට සෙල්ලමක් වගේ.
ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා ප්රඥාව හොයාගෙන යයි.+
24 දුෂ්ටයාට අද්දකින්න වෙන්නේ එයා බයෙන් ඉන්න දේමයි.
ඒත් ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් ඉටු කරලා දෙයි.+
25 දුෂ්ටයාව කුණාටුවත් එක්කම ගහගෙන යනවා.+
ඒත් ධර්මිෂ්ඨයා හැමදාටම තියෙන අත්තිවාරමක් වගේ.+
26 විනාකිරිවලට දත් හිරි වැටෙනවා. දුම නිසා ඇස් දැවිල්ල ගන්නවා.
කම්මැළියෙක්ව වැඩට ගන්න කෙනාටත් දැනෙන්නේ ඒ විදිහටමයි.
27 යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි.+
ඒත් දුෂ්ටයාගේ ජීවිතය කෙටි කරයි.+
28 ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තුව ජීවිතේට සතුටක් එක් කරයි.+
ඒත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි.+
29 යෙහෝවාගේ මාර්ගය නිර්දෝෂ අයට බලකොටුවක්.+
ඒත් දුෂ්ට අයට ඒකෙන් අත් වෙන්නේ විනාශයයි.+
30 ධර්මිෂ්ඨයාව කවදාවත් වට්ටන්න බැහැ.+
ඒත් දුෂ්ටයාට පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+
31 ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්රඥාවන්ත වදන්.
ඒත් පහත් කතා කියන අයව හැමදාටම නිහඬ කරනවා.
32 හිතට සතුටක් දැනෙන විදිහට කතා කරන්න ධර්මිෂ්ඨයා දන්නවා.
ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන්නේ නරක කතාමයි.