හෙබ්‍රෙව්
10 නීතිය සැබෑ දේ බව කිව නොහැක. එය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි.+ එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය. එහෙයින් වසරක් වසරක් පාසා ඔප්පු කරනු ලබන පූජාවලින් දෙවි වෙතට ළං වන අයව පාපයෙන් තොර පරිපූර්ණ අය බවට පත් කිරීමට ඊට නුපුළුවන.+ 2 එවැනි දෙයක් කිරීමට හැකියාව තිබුණා නම් දෙවිට නමස්කාර කරන අය තම පව්කාරකමින් සදහටම පවිත්‍ර වනු ඇත. තමන් පව්කාරයන් කියා ඔවුන්ට කිසි හැඟීමක්වත් නොතිබෙනු ඇත. පූජා ඔප්පු කරන අයට තවදුරටත් පූජාවන් ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේද නැත.+ 3 ඒ වෙනුවට වසරක් වසරක් පාසා පූජා ඔප්පු කිරීමෙන් ඔවුන්ට සිහිගන්වන්නේ ඔවුන් පව්කාරයන් බවය.+ 4 ඒ අනුව ගවයන්ගේ සහ එළුවන්ගේ ලේවලින් අපගේ පාප ඉවත් කිරීමට හැකියාවක් නැති බව පැහැදිලිය.+
5 එහෙයින් යේසුස් මෙලොවට පැමිණි විට ඔහු දෙවිට මෙසේ පැවසුවේය. “‘ඔබ පූජාවලටත් යාගවලටත් කැමති වූයේ නැත.+ ඒ වෙනුවට ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය.+ 6 දවන පූජා සහ පාප පූජාවලට ඔබේ අනුමැතිය ලැබුණේ නැත.’+ 7 එවිට මම මෙසේ කීවෙමි. ‘මෙන්න, මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි.+ (අකුළන ලද ලියවිල්ලේ මා ගැන ලියා ඇත.)’”+ 8 ඒ අනුව, “පූජාවලටවත් යාගවලටවත් දවන පූජා සහ පාප පූජාවලටවත් ඔබ කැමති වූයේ නැත. ඊට ඔබේ අනුමැතිය ලැබුණේද නැත.”+ නීතිය යටතේ ඔප්පු කරන ලද පූජාවලට+ දෙවිගේ කැමැත්තක් නැති බව පැවසීමෙන් පසු, 9 ඔහුද, “මෙන්න, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි”+ කියා පවසයි. එසේ පැවසීමෙන් ඔහු කලින් පැවති ක්‍රමය අවලංගු කර අලුත් ක්‍රමයක් පිහිටුවයි.+ 10 ඒ අනුව දෙවිගේ “කැමැත්ත”+ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය.+ එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි.+ එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.+
11 මීට අමතරව සෑම පූජකයෙකුටම ජනයා වෙනුවෙන් එකම පූජාව නැවත නැවතත් ඔප්පු කරමින් තම සේවය දිනපතාම+ කිරීමට සිදු වේ.+ එසේ කරන්නේ ඒ පූජාවලින් පාපය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි වන නිසාය.+ 12 නමුත් මේ මිනිසා පව් වෙනුවෙන් සදහටම එක පූජාවක් ඔප්පු කර,+ දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තේය.+ 13 දැන් ඔහු බලා සිටින්නේ තම සතුරන්ව තම පා පුටුව ලෙස යටත් කරන තුරුය.+ 14 ඒ අනුව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කර ඇති අය සදහටම පව්කාරකමින් තොර පරිපූර්ණ අය බවට පත් වන්නේ+ එක පූජාවක් මගින් පමණි.+ 15 එම කාරණය දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය මාර්ගයෙන්+ තහවුරු වේ. මන්ද, 16 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඔවුන් සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මාගේ නීති ඔවුන්ගේ හදවත්වල තබන්නෙමි. ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි.’”+ 17 එමෙන්ම දෙවි මෙසේද පවසා ඇත. “මම ඔවුන් කළ වරද නොතකා ඔවුන් කළ පව් නැවත කිසිදා සිහි නොකරන්නෙමි.”+ 18 පව්වලට සමාව ලැබී ඇත්නම්+ එම පව් සඳහා පූජාවක් තවදුරටත් අවශ්‍ය වන්නේ නැත.+
19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත. 20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය. 21 දෙවිගේ ගෘහය භාරව සිටින ශ්‍රේෂ්ඨ පූජකයෙකු අපට සිටින නිසාත්,+ 22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු. 23 කිසිම දෙගිඩියාවකින් තොරව+ අපගේ බලාපොරොත්තුව ගැන+ සියලුදෙනාටම ප්‍රකාශ කරමු. මන්ද ඒ බලාපොරොත්තුව අපට දුන් තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකි.+ 24 එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට+ එකිනෙකාව පොලඹවමු.+ 25 සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.+ එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.+ ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.+
26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+ 27 එවැනි අයට අපේක්ෂා කළ හැක්කේ දෙවිගේ විනිශ්චය පමණි.+ දෙවි තම දැවෙන උදහසින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ එහෙයින් ඒ දේ අපේක්ෂාවෙන් සිටින ඔවුන් නිරතුරුවම සිටින්නේ මහත් බියකිනි. 28 නිදසුනකට මෝසෙස්ට දෙන ලද නීතිය යටතේ පවා කෙනෙක් නීතියක් කඩ කළොත් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂිය මත+ ඔහුට කිසි අනුකම්පාවක් නොපෙන්වා මරා දමනු ලැබේ. 29 එසේනම් දෙවිගේ පුත්‍රයා මාර්ගයෙන් ඉටු වන දේ සම්පූර්ණයෙන්ම නොසලකාහරින කෙනෙකු ගැන සිතන්න. ඔහු කරන්නේ දෙවිගේ පුත්‍රයාව පාගා දමනවා හා සමාන දෙයකි.+ අලුත් ගිවිසුම වලංගු කිරීමට වගුරුවනු ලැබූ, දෙවි ඉදිරියේ තමාව පවිත්‍ර කෙනෙකු කළ ලේ ඔහු සුළු කොට සලකයි.+ ඔහු දෙවි තම මහත් කරුණාවෙන් ඔහුට ලබා දුන් තම බලය සම්පූර්ණයෙන් නොසලකාහැර එයට පිටු පාමින් සිටින කෙනෙකි.+ එවැනි කෙනෙකුට ඊටත් වඩා කොතරම් බරපතළ දඬුවමක් ලැබිය යුතුද!+ 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු. 31 ඇත්තෙන්ම ජීවමාන දෙවිගේ අතින් දඬුවම් ලැබීම මොන තරම් දරුණු දෙයක්ද!+
32 ඔබ සත්‍යය පිළිබඳ දැනුමෙන් ආලෝකවත් වූ පසු+ මහත් පොරබැදීමක් කරමින් බොහෝ දුක් හිරිහැර විඳීමට සිදු වූ අතීත දවස් සිහි කරන්න.+ 33 සියලුදෙනා ඉදිරියේ රංග භූමියක් මැද සිටින අය හා සමානව+ සමහර අවස්ථාවලදී ඔබ නින්දා සහ පීඩාවලට ලක් වූ අතර තවත් අවස්ථාවලදී එවැනි පීඩාවන් අද්දුටු අයට ඔබ අතහිත දුන්නහුය.+ 34 සිරගෙයි සිටි අයට ඔබ අනුකම්පාව දැක්වූවා පමණක් නොව වඩා උතුම්, කල් පවතින වස්තුවක් ඔබට ඇති බව දැන සිටි නිසා+ ඔබේ දේපොළ වස්තුව යනාදිය කොල්ල කනු ලැබුවත් ඔබ එය ප්‍රීතියෙන් දරාගෙන සිටියහුය.+
35 එහෙයින් පසුබසින්නේ නැතුව දිගටම කිසි බියක් සැකක් නැතුව කතා කරන්න.+ මන්ද ඒ වෙනුවෙන් ඔබට ඉමහත් ත්‍යාගයක් වෙන් කර තිබේ.+ 36 ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කළ පසු+ ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට+ ඔබ දිගටම විඳදරාගත යුතුයි.+ 37 මන්ද, “ඉතා කෙටි කලකින්+ පැමිණෙන තැනැත්තා ප්‍රමාද නොවී පැමිණෙනු ඇත.”+ 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+ 39 අපි බිය නිසා දෙවිව අත්හැර විනාශ වන අය නොවෙමු.+ ඒ වෙනුවට ජීවිතය රැකගැනීමට දායක වන විශ්වාසයක් ඇති අය වෙමු.+