දානියෙල්
6 දාරියුස් තම මුළු රාජධානිය බලාගැනීමට දිසාපතීන් එකසිය විසිදෙනෙකුව පත් කළේය.+ 2 තමාට කිසි වංචාවක් නොවීම සඳහා+ එම දිසාපතීන්ගේ+ වැඩ බලාගැනීමට රජ උසස් නිලධාරීන් තුන්දෙනෙකුව පත් කළේය. දිසාපතීන් තමන් කළ වැඩ සම්බන්ධයෙන් ඒ තුන්දෙනාට නිතරම වාර්තා කළ යුතුව තිබිණ. දානියෙල්ද ඒ උසස් නිලධාරීන්ගෙන් එක් කෙනෙකු විය.+ 3 දානියෙල් ශ්‍රේෂ්ඨ ගතිගුණ තිබෙන ඉතා බුද්ධිමත් කෙනෙකු වූ නිසා+ අනික් නිලධාරීන්ට හා දිසාපතීන්ට වඩා ඔහු කැපීපෙනිණ.+ එබැවින් මුළු රාජධානියම බලාගැනීම සඳහා ඔහුව පත් කිරීමට රජ තීරණය කළේය.
4 දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කිරීමට උසස් නිලධාරීන්ට හා දිසාපතීන්ට වුවමනා විය. ඒ නිසා දානියෙල් රාජකාරිය ඉටු කරන ආකාරයේ යම් වරදක් සොයාගන්න ඔවුහු උත්සාහ කළෝය.+ එහෙත් දානියෙල් සැමවිටම තම වගකීම් හොඳින් ඉටු කරමින් විශ්වාසවන්තව ක්‍රියා කළ නිසා ඔහුට විරුද්ධව කිසි වරදක්වත් කිසි දූෂිත ක්‍රියාවක්වත් සොයාගැනීමට ඔවුන්ට නොහැකි විය.+ 5 එබැවින් ඒ මනුෂ්‍යයෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න ඔහු කිසි වරදක් කර නැහැ. ඒ නිසා අපි ඔහු නමස්කාර කරන දෙවියන්ගේ නීතිය ප්‍රයෝජනයට ගෙන ඔහුට විරුද්ධව උගුලක් අටවමු.”+
6 ඉන්පසු සියලු නිලධාරීහුද දිසාපතීහුද මහත් කලබලයකින් රජු වෙතට ගොස්+ මෙසේ කීවෝය. “දාරියුස් රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා!+ 7 ප්‍රධාන නිලධාරීන්, දිසාපතීන්, රජුගේ නිලධාරීන් හා ආණ්ඩුකාරයන් ඇතුළු රාජධානියේ සිටින සියලු උසස් නිලධාරීන් ඔබෙන් යම් ඉල්ලීමක් කරන්න සතුටුයි. දවස් තිහක් යන තෙක් ඔබට හැර වෙන දෙවි කෙනෙකුට හෝ මනුෂ්‍යයෙකුට යාච්ඤා කරන ඕනෑම කෙනෙකුව සිංහ ගුහාවට විසි කරන ලෙස+ නීතියක් පනවන මෙන්+ රජුගෙන් ඉල්ලන්න අපි කැමතියි. 8 රජ්ජුරුවනි, දැන් ඒ නීතිය පනවන්න. එම නීතිය වෙනස් නොවන ලෙස එම නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තබන්න.+ එවිට මේදියවරුන්ගේද පර්සියානුවරුන්ගේද+ නීතියට අනුව එය කිසිවිටෙක අහෝසි කරන්න බැරි වෙයි.”+
9 දාරියුස් රජ ඔවුන් කී දේ අසා ඒ නීතිය සඳහන් ලියකියවිලිවලට අත්සන් තැබුවේය.+
10 රජු එම ලියකියවිලිවලට අත්සන් තැබූ බව ආරංචි වූ විට දානියෙල් තම නිවසට ගොස් උඩුමහල් කාමරයට ඇතුල් විය. එම කාමරයේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබිණ.+ ඔහු සුපුරුදු පරිදි දණ ගසා දෙවිට ප්‍රශංසා කරමින්+ යාච්ඤා කළේය.+ ඔහු දවසට තුන් වතාවක්ම+ එසේ කිරීමට පුරුදු වී සිටියේය.+ 11 තමන්ට උපකාර කරන ලෙස දානියෙල් තම දෙවිගෙන් අයැදිමින් සිටියදී ඔහු සමඟ වෛර බැඳගෙන සිටි මිනිස්සු ඔහුගේ කාමරයට කඩාවැදුණෝය.+
12 ඉන්පසු ඔවුහු රජු ළඟට ගොස් ඔහු පනවා තිබූ නීතිය ගැන මතක් කරමින් මෙසේ ඇසුවෝය. “රජතුමනි, දවස් තිහක් යන තෙක් ඔබට හැර වෙන දෙවි කෙනෙකුට හෝ මනුෂ්‍යයෙකුට යාච්ඤා කරන ඕනෑම කෙනෙකුව සිංහ ගුහාවට+ විසි කරන ලෙස ඔබ නීතියක් පනවා එයට අත්සන් තැබුවා නේද?” එවිට රජ ඔවුන්ට මෙසේ කීවේය. “ඔව්, එය මේදියවරුන්ගේ හා පර්සියානුවරුන්ගේ නීතියට අනුව මම ස්ථිර කළා. එය අහෝසි කරන්න කාටවත් බැහැ.”+ 13 එවිට ඔවුහු රජුට මෙසේ කීවෝය. “රජතුමනි, යූදා දේශයෙන් ආ+ දානියෙල්+ ඔබ කී දේ ගණනකටවත් ගත්තේ නැහැ. ඔහු ඔබ පැනවූ නීතිය කඩ කරමින් දවසට තුන් වතාවක්ම ඔහුගේ දෙවියන්ට යාච්ඤා කරනවා.”+ 14 එය ඇසූ විට රජ බොහෝ සෙයින් දුකට පත් වී+ දානියෙල්ව බේරාගැනීමට මඟක් සෙව්වේය.+ සවස් වන තෙක්ම ඔහු දානියෙල්ව බේරාගැනීමට උත්සාහ කළේය. 15 එහෙත් දානියෙල් සමඟ වෛර බැඳගෙන සිටි සියලුදෙනාම මහත් කලබලයකින් රජු වෙතට ගොස් ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “රජතුමනි, මේදියවරුන්ගේ හා පර්සියානුවරුන්ගේ නීතියට අනුව ඔබ යම් නීතියක් හෝ තහංචියක් පැනෙව්වොත්+ එය වෙනස් කරන්න බැරි බව ඔබ දන්නේ නැද්ද?”+
16 එබැවින් දානියෙල්ව ගෙනැවිත් සිංහ ගුහාවට විසි කරන ලෙස රජ අණ කළේය.+ එහෙත් දානියෙල්ව සිංහ ගුහාවට දැමීමට පෙර රජ ඔහුට මෙසේ කීවේය. “ඔබ අත් නෑර නමස්කාර කරන ඔබේ දෙවි ඔබව ගලවාගනී කියා මට විශ්වාසයි.”+ 17 ඉන්පසු ඔවුහු ගුහාවේ කට විශාල ගලකින් වසා රජුගේ මුද්දෙන් හා උසස් නිලධාරීන්ගේ මුදුවලින් එම ගලට මුද්‍රාවක් තැබුවෝය. ඔවුන් එසේ කළේ දානියෙල් සම්බන්ධයෙන් ගත් ඒ තීරණය වෙනස් නොකරන පිණිසය.+
18 ඉන්පසු රජ තම මාලිගාවට ගොස් නොකා නොබී දුකෙන් සිටියේය.+ ඔහු ඉදිරියේ සංගීතය වාදනය නොකරන ලෙසද කියා සිටියේය. මුළු රාත්‍රියේම ඔහුට නින්ද නොගියේය.+ 19 එළිය වැටීගෙන එද්දීම රජ නැඟිට සිංහ ගුහාව ළඟට දුවගෙන ගියේය. 20 ගුහාවට ළං වෙත්ම ඔහු ඉතා දුකින් දානියෙල්ට හඬගසා ඔහුගෙන් මෙසේ ඇසුවේය. “අනේ දානියෙල්, ඔබ අත් නෑර+ නමස්කාර කරන ඔබේ ජීවමාන දෙවි ඔබව බේරාගත්තාද?”+ 21 දානියෙල් එවෙලේම රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! 22 සිංහයන්ගෙන් මට කිසි හානියක් වුණේ නැහැ. මා නිදොස් බව දෙවි දන්නවා.+ රජතුමනි, මම ඔබට විරුද්ධව කිසි වරදක් කළේ නැහැ.+ ඒ නිසා මගේ දෙවි+ ඔහුගේ දූතයෙකුව එවා+ සිංහයන්ගේ කටවල් වසා දැමුවා.”+
23 එවිට රජ මහත් ප්‍රීතියෙන්+ දානියෙල්ව ගුහාවෙන් එළියට ගන්නා ලෙස අණ කළේය. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත් විට ඔහුට කිසි අනතුරක් සිදු වී නැති බව පෙනී ගියේය. ඔහුට කිසි හානියක් සිදු නොවුණේ ඔහු තම දෙවිව විශ්වාස කළ නිසාය.+
24 පසුව දානියෙල්ට විරුද්ධව චෝදනා එල්ල කළ මිනිසුන්වද+ ඔවුන්ගේ භාර්යාවන් හා පුත්‍රයන්වද එතැනට ගෙනැවිත්+ සිංහ ගුහාවට විසි කරන ලෙස+ රජ අණ කළේය. ඔවුන් ගුහාවේ අඩියට වැටෙන්නත් කලින් සිංහයෝ ඔවුන්ව අල්ලාගෙන කෑලි කෑලිවලට ඉරා දැමුවෝය. උන් ඔවුන්ගේ ඇටකටු පවා පොඩි කර දැමුවෝය.+
25 පසුව දාරියුස් රජ ලෝකය පුරාම ජීවත් වන සියලු ජාතීන්ට, ගෝත්‍රයන්ට හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ට මෙසේ ලීවේය.+ “ඔබ සියල්ලන්ට බොහෝ සමාදානය ලැබේවා!+ 26 මගේ රාජධානියේ සෑම පළාතකම ජීවත් වන ජනයා දානියෙල්ගේ දෙවි ඉදිරියේ භයෙන්ද වෙවුලමින්ද සිටිය යුතු බවට+ මම නියෝග කරමි.+ සදාකාලයෙන් සදාකාලයට සිටින ජීවමාන දෙවි ඔහුය.+ ඔහුගේ රාජ්‍යය+ කිසිදා විනාශ නොවන්නේය.+ ඔහුගේ පාලනයද සදහටම පවතින්නේය.+ 27 ඔහු තම සේවකයන්ව ගලවාගන්නේය.+ ඔහු අහසේද+ පොළොවේද ලකුණු පෙන්වන්නේය.+ පුදුම ක්‍රියා කරන්නේය. ඔහු දානියෙල්ව සිංහයන්ගෙන් බේරාගත්තේය.”
28 දාරියුස්ගේ+ හා පර්සියානු ජාතික සයිරස්ගේ පාලන සමයේදී+ දානියෙල්ව මහත් ගෞරවයෙන් සලකනු ලැබීය.