යෙසායා
25 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+ 2 ඔබ නගරයක් නටබුන් ගොඩක් බවට පත් කළෙහිය. පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරක් පොළොවටම සමතලා කළෙහිය. විදේශිකයන්ගේ බලකොටු යළි ගොඩනඟන්න බැරි වන තරමටම බිඳ දැමුවෙහිය.+ 3 බලවත් සෙනඟක් ඔබව ගෞරවයට පත් කරන්නේ ඒ නිසාය. කෲර ජාතීහු ඔබ ගැන බියට පත් වන්නෝය.+ 4 මන්ද ඔබ අසරණයන්ට බලකොටුවක්ය. දුප්පතාගේ දුක් කරදරවලදී ඔහුට පිහිට වන්නෙහිය.+ ඔබ කුණාටුවෙන් ඔවුන්ව ආරක්ෂා කරමින් අව් රශ්මියෙන් සෙවණක්ද+ ලබා දෙන්නෙහිය. පවුරක් බිඳී යන තරමටම දරුණු ලෙස ඇද හැළෙන වැස්සක් මෙන් පහර දෙන කෲරයන්ගෙන් ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය. 5 වියළි දේශයක උණුසුම නිවා දමන්නාක් මෙන් ඔබ විදේශිකයන්ව නිහඬ කරන්නෙහිය. වලාකුළක් අව් රශ්මියෙන් සෙවණක් ලබා දෙන්නාක් මෙන්+ ඔබ කෲරයන්ගේ ප්රීති ඝෝෂා නිහඬ කරන්නෙහිය.+
6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය. 7 ඒ කන්දේ සිට දෙවි සියලු ජාතීන්ව වෙළාගත් අඳුරු වලාවද+ ඔවුන් වටා එතී තිබෙන දැලද ඉවත් කරනු ඇත. 8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.
9 ඒ දවසේදී ජනයා මෙසේ කියනු ඇත. “මේ අපේ දෙවිය.+ අප ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන නිසා+ ඔහු අපව ගලවාගන්නේය.+ මේ යෙහෝවා දෙවිය.+ අප බලාපොරොත්තු තැබුවේ ඔහු මතය. ඔහු අපට ගැලවීම ලබා දුන් නිසා අපි බොහෝ සෙයින් ප්රීති වෙමු.”+
10 යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+ 11 පිහිනුම්කරුවෙකු තම අත්වලින් වතුරට ගසන්නාක් මෙන් දෙවි ඔවුන්ට තදින් පහර දී ඔවුන්ගේ උඩඟුකම+ නැති කර දමන්නේය. 12 දැවැන්ත පවුරුවලින් වට වූ ඔවුන්ගේ සුරක්ෂිත නගරය ඔහු පොළොවටම සමතලා කරනු ඇත.+