හිතෝපදේශ
3 මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න.+ මාගේ ආඥා මුළු හදවතින්ම පිළිපදින්න.+ 2 එවිට ඔබ බොහෝ කල්+ සමාදානයෙන් ජීවත් වනු ඇත.+ 3 ප්‍රේමයද* විශ්වාසවන්තකමද ඔබෙන් ඈත් නොවේවා!+ ඒවා ඔබේ ගෙල වටා බැඳගන්න.+ ඔබේ සිත නමැති පුවරුවේ ලියාගන්න.+ 4 එසේ කළොත් ඔබේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමට ඔබට හැකි වනු ඇත.+ 5 ඔබේම නුවණෙහි රඳා නොසිට+ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.+ 6 ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න.+ එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.+
7 ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න.+ යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.+ 8 එවිට ඔබේ ගතට* සුවයක්ද+ ඔබේ ඇටවලට ප්රාණවත්බවක්ද+ ලැබෙනු ඇත.
9 ඔබ සතු වටිනා දේවල්ද+ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවද+ යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න. 10 එවිට ඔබේ ගබඩා පිරී ඉතිරී යනු ඇත.+ වයින් සාදන ඔබේ යන්ත්රද අලුත් වයින්වලින් ඉතිරී යනු ඇත.+
11 මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න.+ ඔහු දෙන අවවාදවලට ද්වේෂ නොකරන්න.+ 12 මන්ද පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන්+ යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.+
13 ප්‍රඥාව සොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න+ තැනැත්තා සන්තෝෂවත්ය. 14 මන්ද ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන රන් රිදීවලටත් වඩා අගනේය.+ 15 එය කොරල්වලටත්+ ඔබ ආශා කරන අන් සියලු දේවලටත් වඩා වටින්නේය. ඊට සම කළ හැකි දෙයක් නොමැත. 16 එහි දකුණතේ දීර්ඝායුෂද+ එහි වමතේ වස්තුවද ගෞරවයද+ තිබෙන්නේය. 17 ප්‍රඥාවේ මාවත් ප්‍රසන්නය. එහි ගමන් කරන සැමට සමාදානය අත් වනු ඇත.+ 18 ප්‍රඥාව ජීවන වෘක්ෂයකි.+ එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත්+ එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.+
19 යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් දැමුවේය.+ ඔහු මනා අවබෝධයකින් යුතුව අහස ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ 20 ඔහු තම දැනුම යොදා මහා ජල කඳන් බෙදුවේය.+ වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්න සැලැස්වූවේය.+ 21 මාගේ පුත්‍රය, මේ දේවල් දෙසම ඔබේ නෙත් යොමා සිටින්න.+ ප්‍රඥාවද* ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.+ 22 ඒවා ඔබේ ගෙල පළඳනා අලංකාර මාලයක්+ මෙන් වන්නේය. එමගින් ඔබට ජීවනයද අත් වන්නේය.+ 23 ඔබ කිසි අනතුරකට භය නොවී සුරක්ෂිතව ගමන් කරනු ඇත.+ ඔබේ පාද කිසිවක පැටලෙන්නේද නැත.+ 24 ඔබ විවේකයෙන් සිටින කල කිසි බියක් නොදැනෙනු ඇත.+ ඔබට සුව නින්දක්ද ලැබෙනු ඇත.+ 25 හදිස්සියෙන් පැමිණෙන විපතකටවත්+ දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවකටවත් බිය වීමට ඔබට අවශ්‍ය වන්නේ නැත.+ 26 මන්ද ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඇත.+ ඔහුද ඔබේ දෙපා කිසි උගුලකට හසු වීමට ඉඩ නොදෙනු ඇත.+
27 අගහිඟකම් තිබෙන අයට+ යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී+ එසේ කිරීමට පසුබට නොවන්න. 28 දීමට යමක් ඔබ ළඟ තිබියදීත්, “ගිහින් හෙට එන්න. මම හෙට ඔබට යමක් දෙන්නම්” කියා ඔබේ අසල්වැසියාට නොකියන්න.+ 29 ඔබව විශ්වාස කර ඔබ සමඟ සුහද ඇසුරක් පවත්වන+ ඔබේ අසල්වැසියාට විරුද්ධව නපුරක් කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.+ 30 යමෙක් ඔබට නපුරක් කර නැත්නම්+ නිකරුණේ ඔහු සමඟ ආරවුලක් ඇති කර නොගන්න.+
31 දාමරිකයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ ඔවුන්ගේ මාර්ගවල ගමන් නොකරන්න.+ 32 මන්ද වංක තැනැත්තා+ යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.+ 33 යෙහෝවා දෙවි දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් පමුණුවන්නේය.+ නමුත් ධර්මිෂ්ඨ අයගේ වාසස්ථානවලට ඔහු ආශීර්වාද කරන්නේය.+ 34 සමච්චල් කරන්නන්ට+ ඔහු සරදම් කරන්නේය.+ නමුත් නිහතමානී අයට ඔහු කරුණාව දක්වන්නේය.+ 35 ප්‍රඥාවන්තයන්ට ගෞරවය ලැබෙනු ඇත.+ නමුත් මෝඩයන් උසස් කොට සලකන්නේ අගෞරවයට පත් කරවන දේවල්මය.+