ලෙවී කතාව
11 නැවතත් යෙහෝවා දෙවි මෝසෙස් සහ ආරොන්ව අමතා මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘පොළොවේ සිටින සියලු සතුන් අතරින් ඔබ අනුභව කළ යුත්තේ මේ සතුන්ව පමණයි.+ 3 කුර දෙකට බෙදුණු, වමාරා කන සෑම සතෙකුම ඔබට කෑමට ගත හැකියි.+
4 “‘නමුත් එම සතුන් අතරින් ඔබ කෑමට නොගත යුතු සත්තුද සිටිති. ඔටුවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඔබ ඌව අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතුයි.+ එබැවින් උගේ මස් නොකෑ යුතුයි. 5 බෙන්හාවා+ වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌව අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතුයි. එබැවින් උගේ මස්ද නොකෑ යුතුයි. 6 හාවා+ වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍රය. එබැවින් උගේ මස්ද නොකෑ යුතුයි. 7 ඌරාගේ+ කුර දෙකට බෙදී තිබුණත් ඌ වමාරා නොකන බැවින් ඌ ඔබට අපවිත්‍රය. උගේ මස්ද නොකෑ යුතුයි. 8 එම සතුන්ගේ මස් ඔබ කිසිසේත් නොකෑ යුතුයි. උන්ගේ මළ සිරුරුද ස්පර්ශ නොකරන්න.+ ඒවා ඔබට අපවිත්‍රය.+
9 “‘ජලයේ සිටින සතුන්ගෙන් ඔබ මේ සතුන්ව පමණක් කෑමට ගන්න.+ සාගරයේ හෝ ගංගාවේ හෝ සිටින සියලු සතුන් අතරින් වරල් හා කොරපොතු+ ඇති සතුන්ව කෑමට ගන්න ඔබට හැකියි. 10 සාගරයේ හෝ ගංගාවේ හෝ රංචු පිටින් සිටින සතුන් ඇතුළුව අන් සියලු සතුන් අතරින් වරල් හා කොරපොතු නැති සතුන්ව ඔබ ඉතා පිළිකුල් සතුන් ලෙස සැලකිය යුතුයි. 11 ඔබ උන්ව පිළිකුල් සතුන් ලෙස සැලකිය යුතු අතර උන්ව කිසිසේත් නොකෑ යුතුයි.+ උන්ගේ මළ කුණුද පිළිකුල් දෙයක් ලෙස සලකන්න. 12 වරල් හා කොරපොතු නැති ජලයේ සිටින සෑම සතෙකුවම ඔබ පිළිකුල් කළ යුතුයි.
13 “‘ඔබ පියාසර කරන ජීවීන් අතරින් මේ පක්ෂීන්ව+ නොකෑ යුතුයි. උන්ව ඉතා පිළිකුල් කොට සැලකිය යුතුයි. ඒ පක්ෂීන් නම්, රාජාලියා,+ මාළු උකුස්සා, කලු ගිජුලිහිණියා, 14 නානාවිධ රතු හා කලු උකුස්සන්,+ 15 නානාවිධ කපුටන්,+ 16 නානාවිධ පැස්බරුන්,+ බස්සන්, මුහුදු කපුටන්* සහ කුරුලුගොයන්ය. 17 සිඟිති බස්සා, දියකාවා, කන් දිග බස්සා,+ 18 හංසයා, පැස්තුඩුවා, ගිජුලිහිණියා,+ 19 මානකොකා, නානාවිධ කොක්කු, පොරෝ කුරුල්ලා* හා වවුලා+ යන පක්ෂීන්ව ඔබ නොකෑ යුතුයි. 20 එමෙන්ම පියාපත් ඇති, ඇවිදීමට හැකි රංචු ගැසෙන සියලු කෘමීන්වද ඔබ පිළිකුල් සතුන් ලෙස සැලකිය යුතුයි.+
21 “‘එහෙත් එම කෘමීන් අතරින් දික් වූ පා යුගළක් ඇති බිම පැනපැන යන සතුන්ව ඔබට කෑමට ගත හැකියි. 22 එනම්, නානාවිධ පළඟැටියන්,+ රැහැයියන්+ සහ තණකොළ පෙත්තන්+ කෑමට සුදුසුය. 23 පියාපත් ඇති, ඇවිදීමට හැකි රංචු ගැසෙන අනිකුත් සියලුම කෘමීන් ඔබ සැලකිය යුත්තේ පිළිකුල්+ සතුන් ලෙසය. 24 එම කෘමීන් කෑවොත් ඔබ අපවිත්‍ර වන්නේය. උන්ගේ මළ කුණු ස්පර්ශ කරන කවුරු නමුත් සවස් වන තුරු අපවිත්‍ර වන්නේය.+ 25 මිය ගිය එවැනි සතෙකුව අල්ලන කවුරු නමුත් තම වස්ත්‍ර සෝදා+ සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි.
26 “‘කුර වෙන් වී තිබුණත් එය දෙකට බෙදී නැති වමාරා නොකන සියලු මෘගයන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතුයි. උන්ව ස්පර්ශ කරන කවුරු නමුත් අපවිත්‍ර වන්නේය.+ 27 පාද සතරින් ඇවිදින සතුන් අතරින් පතුල පොළොවේ වදින සේ ඇවිදින සියලු සතුන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතුයි. උන්ගේ මළ කුණු ස්පර්ශ කරන කවරෙකු හෝ සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි. 28 මිය ගිය එවැනි සතෙකුව+ උසුලාගෙන යන කවුරු නමුත් තම වස්ත්‍ර සෝදා+ සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි. ඔබ එම සතුන්ව අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතුයි.
29 “‘පොළොවේ බහුලව සිටින කුඩා සතුන් අතරින් ඔබ අපවිත්‍ර ලෙස සැලකිය යුතු සතුන් නම්,+ නානාවිධ මීයන්*+ හා උරගයන්ය. 30 එමෙන්ම හූණා, තලගොයා, හිකනලා, වැලි හූණා සහ කටුස්සා යන සතුන්ද අපවිත්‍රය. 31 එම සතුන්ව ඔබ අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතුයි.+ උන්ගේ මළ කුණු ස්පර්ශ කරන කවුරු නමුත් සවස් වන තුරු අපවිත්‍ර අය ලෙස වෙන් වී සිටිය යුතුයි.+
32 “‘උන්ගේ මළ කුණු ලී භාජනයක්+ හෝ වස්ත්‍රයක් හෝ සම් භාජනයක්+ හෝ ගෝනියක්+ හෝ වෙන ඕනෑම දෙයක් මතට වැටුණොත් එය අපවිත්‍ර වන්නේය. භාවිතයට ගන්නා භාජනයක් එලෙස අපවිත්‍ර වුණොත් එය වතුරේ ගිල්වා තැබිය යුතුයි. එය සවස් වන තුරු අපවිත්‍ර දෙයක් ලෙස සැලකිය යුතුයි. ඉන්පසු එය භාවිතයට ගත හැක. 33 උන්ගේ මළ කුණු මැටි භාජනයක්+ තුළට වැටුණොත් භාජනය තුළ ඇති ඕනෑම දෙයක් අපවිත්‍ර වන්නේය. ඔබ එම භාජනය බිඳ දැමිය යුතුයි.+ 34 එවැනි භාජනයක තිබූ වතුර කෑම මතට වැටුණොත් එයද අපවිත්‍ර වන්නේය. එවැනි භාජනයක තිබෙන ඕනෑම බීම වර්ගයක්ද අපවිත්‍රය. 35 උන්ගේ මළ කුණු යම් දෙයක් මතට වැටුණොත් එය අපවිත්‍ර වන්නේය. එම මළ කුණු උදුනු හෝ දරණු මතට වැටුණොත් ඒවා කඩා දැමිය යුතුයි. මන්ද ඒවා අපවිත්‍රය. ඔබ ඒවා අපවිත්‍රයයි සැලකිය යුතුයි. 36 උන්ගේ මළ කුණු නිසා අපවිත්‍ර නොවන්නේ දිය උල්පතක් හෝ පොකුණක් පමණි. නමුත් උන්ගේ මළ කුණු ස්පර්ශ කරන කවුරු නමුත් අපවිත්‍ර වන්නේය. 37 වැපිරීමට තිබෙන බීජ මතට උන්ගේ මළ කුණු වැටුණොත් ඒවා අපවිත්‍ර වන්නේ නැත. 38 නමුත් තෙත් වූ බීජ මතට සතෙකුගේ මළ කුණක් වැටුණොත් එම බීජ ඔබ අපවිත්‍ර ලෙස සැලකිය යුතුයි.
39 “‘ඔබට කෑමට අවසර තිබෙන ඕනෑම සතෙකු මිය ගියොත්, එම මළ සතාව ස්පර්ශ කරන කවුරු නමුත් සවස් වන තුරු අපවිත්‍රව සිටින්නේය.+ 40 උගේ මස් කන ඕනෑම කෙනෙකු+ තම වස්ත්‍ර සෝදා සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි. කවරෙකු හෝ මළ සතාව උසුලාගෙන ගියොත් ඔහුද තම වස්ත්‍ර සෝදා සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන් වී සිටිය යුතුයි. 41 පොළොවේ බහුලව සිටින සියලුම කුඩා සතුන් ඉතා පිළිකුල්ය.+ උන්ව කිසිසේත් නොකෑ යුතුයි. 42 පොළොවේ බහුලව සිටින සියලුම කුඩා සතුන් අතරින් බඩ ගා යන+ හෝ පාද සතරක් ඇති හෝ පාද බොහොමයක් ඇති කිසිම සතෙකුව ඔබ නොකෑ යුතුයි. මන්ද උන් ඉතා පිළිකුල්ය.+ 43 බහුලව සිටින කුඩා සතුන් පිළිකුල් සතුන් වන බැවින් උන්ව කෑමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් හෝ අපවිත්‍ර තත්වයකට පත් නොවන්න.+ 44 මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් වී සිටිය යුතුයි. මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ එබැවින් ඔබ පොළොවේ බහුලව සිටින කුඩා සතුන් නිසා අපවිත්‍ර නොවන්න. 45 මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි.+ මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
46 “‘මෘගයන්, පියාසර කරන ජීවීන්, ජලයේ සිටින සියලු ජීවීන්+ සහ පොළොවේ බහුලව සිටින කුඩා සතුන් සම්බන්ධ නීතිය එයයි. 47 පවිත්‍ර දේ හා අපවිත්‍ර දේ අතරද කෑමට සුදුසු සතුන් හා නුසුදුසු සතුන් අතරද තිබෙන වෙනස+ හඳුනාගන්නා පිණිස මම එම නීතිය දුනිමි.’”