එළිදරව්
17 බඳුන් හත අතැතිව සිටි දේවදූතයන් හත්දෙනාගෙන් එක් කෙනෙක්+ ඇවිත් මට මෙසේ කීවේය. “එන්න. බොහෝ ජල ධාරා මත ඉඳගෙන සිටින+ මහා ගණිකාව පිට පැමිණෙන විනිශ්චය මම ඔබට පෙන්වන්නෙමි.+ 2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+
3 ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන්+ මාව පාළුකරයකට ගෙන ගියේය. එවිට මම ස්ත්‍රියක් දුටුවෙමි. ඇය ඉඳගෙන සිටියේ හිස් හතක්ද+ අං දසයක්ද ඇති තද රතු පාට මෘගයෙකු+ පිටය. ඒ මෘගයාගේ ඇඟ පුරාම දෙවිට අපහාසයක් ගෙන දෙන නම් පිරී තිබිණ.+ 4 ඒ ස්ත්‍රිය දම් පාට+ සහ තද රතු පාට+ වස්ත්‍ර පැළඳ, රන්, මුතු මැණික්වලින් සැරසී සිටියාය.+ එමෙන්ම පිළිකුල් දේවලින්ද+ ඇය කළ වේශ්‍යාකම්වල* ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අපවිත්‍ර දේවලින්ද පිරුණු+ රන් කුසලානයක් ඇගේ අතේ තිබිණ.+ 5 ඇගේ නළලෙහි නමක් ලියා තිබිණ. එනම්, “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවලද+ මව වන මහ බැබිලෝනිය”+ යන නමයි. එහි අර්ථය අභිරහසකි.+ 6 ඒ ස්ත්‍රිය ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද+ යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී සිටි බව+ දැකගැනීමට මට හැකි විය.
ඇයව දුටු විට මම අතිශයින් පුදුමයට පත් වූවෙමි.+ 7 එහෙයින් ඒ දේවදූතයා මට මෙසේ කීවේය. “ඔබ පුදුම වුණේ ඇයි? ස්ත්‍රිය පිළිබඳවත්+ ඇය ඉඳගෙන සිටින හිස් හත හා අං දසය ඇති මෘගයා පිළිබඳවත්+ අභිරහස ගැන මම ඔබට කියන්නෙමි. 8 ඔබ දුටු මෘගයා කලින් සිටියේය.+ දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි.+ එලෙසම ඌ විනාශ වනු ඇත. ඒ මෘගයා කලින් සිටි අයුරුත් ඌ නැති වී ගිය අයුරුත් ඉදිරියේදී පැමිණෙන අයුරුත් පොළොවේ වාසය කරන අය දකින විට ඔවුහු පුදුම වී ඌට ගෞරවය දෙන්නෝය. නමුත් පොළොවේ දරුවන් බිහි වූ දා* පටන්+ පිළියෙල කර තිබෙන ජීවන ලියවිල්ලෙහි+ ඔවුන්ගේ නම් සටහන් වී නැත.
9 “බුද්ධියත් ප්‍රඥාවත් අවශ්‍ය වන්නේ මෙහිදීය.+ හිස් හතෙන්+ කඳු හතක් නියෝජනය වේ.+ ස්ත්‍රිය ඉඳගෙන සිටින්නේ එම කඳු මතය. 10 රජවරුන් හත්දෙනෙකුද එයින් නියෝජනය වේ. පස්දෙනෙක් වැටී ගොස් ඇත.+ එක් කෙනෙක් දැන් සිටියි.+ අනික් තැනැත්තා තවමත් පැමිණ නැත.+ ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.+ 11 කලින් සිටි නමුත් දැන් නැති+ මෘගයාත් රජෙක්ය. එනම් අටවෙනියාය. ඌ බිහි වන්නේ හත්දෙනාගෙන්ය. ඌද විනාශ වනු ඇත.
12 “ඔබ දුටු අං දසයෙන් තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දහදෙනෙකු නියෝජනය වේ.+ නමුත් මෘගයා සමඟ එක පැයක් රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබේ. 13 ඔවුන්ට ඇත්තේ එකම අදහසකි. එහෙයින් ඔවුහු තමන් සතු බලයත් අධිකාරියත් මෘගයාට දෙන්නෝය.+ 14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+
15 ඔහු මට මෙසේද කියයි. “ගණිකාව ඉඳගෙන සිටින ස්ථානයේ ඔබ දුටු ජල ධාරාවලින් ජනයන්ද සමූහයන්ද ජාතීන්ද විවිධ භාෂා කතා කරන අයද නියෝජනය වේ.+ 16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+ 17 මන්ද දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දමා ඇත.+ එහෙයින් ඔවුහු තමන් අදහස් කරන දේ ඉටු කරගැනීමට තම රාජ්‍යය මෘගයාට ලබා දෙන්නෝය.+ එසේ කරන්නේ දෙවි පවසා ඇති දේ ඉටු වන තුරුය.+ 18 ඔබ දුටු ස්ත්‍රියගෙන්+ පොළොවේ රජවරුන්ව පාලනය කරන මහත් නුවරක් නියෝජනය වේ.”+