ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
139 යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය.+
3 මා ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්නෙහිය.+
මා කරන සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නෙහිය.+
5 මාගේ ඉදිරිපසින්ද පිටුපසින්ද සිට ඔබ මාව ආරක්ෂා කරන්නෙහිය.
ඔබ ඔබේ හස්තය මා පිට තැබුවෙහිය.
7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+
ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+
මා ඈත සාගරයෙන් එහාට පියාඹා ගියත්+
10 ඔබේ හස්තය එහිදීත් මට මඟ පෙන්වනු ඇත.+
ඔබේ දකුණතින් ඔබ මාව ශක්තිමත්ව අල්ලාගනු ඇත.+
12 අඳුර ඇත්තටම ඔබට අඳුරක් නොවේ.+
රාත්රි කාලයද දිවා කාලය මෙන් ඔබට ආලෝකවත්ය.+
අඳුරත් ආලෝකයත් ඔබට එක හා සමානය.+
14 ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය.+
මම ඔබට ප්රශංසා කරමි.
15 කිසිවෙකුට නොපෙනෙන සේ රහසින් මා වැඩුණත්+ ඔබට මාව පෙනුණේය.
මව්කුස තුළ මා ටිකෙන් ටික වැඩෙන විට+
මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී නොතිබුණේය.+
16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+
මාගේ අවයව සෑදෙන්නත් කලින්
ඒ සියල්ල ගැන තොරතුරු
ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+
18 මා ඒවා එකින් එක ගණන් කළොත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩිය.+
උදෑසන අවදි වන විටත් මම තවමත් ඒවා ගැන කල්පනා කරනු ඇත.+
19 දෙවියනි, ඔබ දුෂ්ටයන්ව විනාශ කර දැම්මොත්+
මා වටා රොක් වී සිටින මිනී මරුවෝ+ මාගෙන් ඈත්ව යනු ඇත.