යෙරෙමියා
2 යෙහෝවා දෙවි මට මෙසේ කීවේය.+ 2 “ගොස් යෙරුසලමේ වැසියන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ “ඔබ තරුණ වියේදී මට ඇලුම්ව* සිටි ආකාරය මට අමතක වී නැත.+ විවාහ ගිවිසගෙන සිටි කාලයේදී ඔබට මා ගැන තිබූ ආදරය+ නිසා ගස් කොළන් නැති, දුෂ්කර දේශයක් වූ පාළුකරයේදී පවා ඔබ මා පසුපස ආ හැටිත්+ මට හොඳින් මතකය. 3 යෙහෝවා දෙවි වන මා ඊශ්‍රායෙල් සෙනඟව සැලකුවේ ශුද්ධ ජාතියක් ලෙසයි.+ ඔවුන් මට අස්වැන්නේ ප්‍රථම ඵල මෙනි.”+ ඒ සෙනඟට නපුරක් කිරීමට තැත් කළ කිසිවෙක් මාගේ දඬුවමින් බේරුණේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.’”+
4 යාකොබ්ගෙන් පැවතෙන්නෙනි,+ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන සියලු ගෝත්‍රයෙනි,+ යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. 5 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබේ පියවරුන් මාගෙන් ඈත්ව ගොස්+ දේවතා රූපවලට නමස්කාර කර,+ ඒ රූප හා සමාන නිෂ්ඵල තත්වයකට පත් වූයේ+ මා කළ කුමන වරදක් නිසාද?+ 6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.
7 “පලතුරු වතුවලින් පිරුණු දේශයකට මම ඔබව ගෙනාවෙමි.+ නමුත් ඔබ මාගේ දේශය දූෂ්‍ය කළහුය. මාගේ උරුමය ඔබ නැති නාස්ති කළහුය.+ 8 ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’ කියා පූජකයොවත් පැවසුවේ නැත.+ නීතිය උගන්වන අයවත් මාව හරි හැටි හඳුනාගෙන සිටියේ නැත.+ සෙනඟව රැකබලා ගන්නා අය පවා මට විරුද්ධව පව් කළෝය.+ අනාගතවක්තෘවරු බාල් දෙවියාගේ නමින් අනාවැකි කියමින්+ කිසිම පිහිටක් ලබා දිය නොහැකි දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+
9 “ඒ නිසා යෙහෝවා දෙවි වන මට ඔබට විරුද්ධවත් ඔබේ දරුවන්ගේ දරුවන්ට විරුද්ධවත්+ පැමිණිල්ලක් තිබේ.+
10 “කිත්තිම්වරුන්ගේ වෙරළාසන්න දේශයේ+ සිට කේදාර් දේශය+ දක්වා ගොස් මෙවැනි දෙයක් එහි කවදා හෝ සිදු වී තිබේදැයි හොඳින් විපරම් කර බලන්න.+ 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+ 12 යෙහෝවා දෙවි වන මම මෙසේ කීවෙමි.+ ‘අහස්තලය, මේවා දැක පුදුම වන්න. මහත් බියකින් වෙවුලන්න.’ 13 මන්ද මාගේ සෙනඟ කළ ක්‍රියාවන් දෙකක් නිසා ඔවුහු මට විරුද්ධව පව් කළෝය. ඔවුහු ජීවනදායක දිය උල්පත+ වන මා අත්හැර+ වතුර නොරැඳෙන, දිය කාන්දු වන පොකුණු සාදාගත්තෝය.
14 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ සේවකයෙක්වත්+ ගෙයි උපන් දාසයෙක්වත් නොවේ. එසේනම් ඔබව ගොදුරු කරගැනීමට ඔබේ සතුරන්ට හැකි වුණේ කෙසේද? 15 තරුණ, කේශර සිංහයෝ ඔබට විරුද්ධව ගර්ජනා කරති.+ ඔබේ දේශයට සිදු වී ඇති දේ ගැන අන් අය පුදුමයට පත් වෙති. ඔබේ නගර සියල්ල ගින්නෙන් දැවී ගොස් ඇත. කිසි වැසියෙක් එහි ජීවත් වන්නේ නැත.+ 16 නොෆ්+ සහ තාහ්පනේස්+ නගරවල වැසියෝ ඔබේ දේශය කොල්ල කා එය නැති නාස්ති කර දමති.*+ 17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබව නිසි මඟේ ගෙන ගියත්+ ඔබ ඔහුව සිය කැමැත්තෙන්ම අත්හැර ගියහුය. එබැවින් මේ විපත ඔබ පිටට පමුණුවාගත්තේ ඔබමය.+ 18 ඔබ ඊජිප්තුවට යන්නේ මොන අරමුණින්ද?+ ෂිහොර් ගඟෙන් වතුර බොන්නද?+ ඔබ ඇසිරියාවට යන්නේ මොන අරමුණින්ද?+ මහ ගඟෙන්* වතුර බොන්නද? 19 ඔබ කළ නපුරු ක්‍රියාවලින් ඔබ පාඩමක් ඉගෙනගත යුතුයි.+ ඔබ කළ ද්‍රෝහිකම්වලට ඔබ තරවටු ලැබිය යුතුයි.+ ඔබේ දෙවි යෙහෝවා වන මාව අත්හැර යෑම ඔබ කළ දුෂ්ට ක්‍රියාවක් බව දැනගන්න.+ මා කෙරෙහි කිසි ගරුබියක් ඔබ තුළ නැත.+ මේ දේවල් පවසන මා විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිය.
20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+ 21 මා සිටෙව්වේ ඉතා අනර්ඝ රතු මිදිවැලක්ය.+ මා එයින් බලාපොරොත්තු වුණේ හොඳ මිදිපල පමණි. නමුත් එතරම් අනර්ඝ මිදිවැලක්ව සිටි ඔබ, කිසි වැඩකට නැති වල් මිදි දරන වැලක් බවට පත් වුණේ කෙසේද?+
22 “ඔබ ඇඟ පුරාම සබන් ගෑවත් ඔබේ ශරීරය ලුණු දියෙන්* සෝදාගත්තත්+ ඔබේ වැරදි නිසා ඇති වූ කැළැල මකා දැමිය නොහැක.+ මෙසේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය. 23 ‘මම අපවිත්‍ර වුණේ නැහැ.+ මම බාල් දෙවියන් පසුපස ගියේ නැහැ’+ කියා ඔබ කියන්නේ කොහොමද? තැනිතලාවල ඔබ කරන දේවල් ගැන කල්පනා කර බලන්න.+ ඔබ හරියට ඒ මේ අත දුවන ඔටුදෙනක වගෙයි. 24 පිරිමි සතෙකු සොයාගැනීමට ඉව අල්ලමින්+ පාළුකරයේ සැරිසරන සීබ්රාදෙනක වගෙයි.+ ඇගේ ආශාව මැඩලිය හැක්කේ කාටද? ඇයව සොයා එන පිරිමි සතුන්ට ඒ කාලයේදී ඇයව සොයාගැනීම අපහසු කාර්යයක් නොවේ. 25 ඊශ්‍රායෙල්වරුනි, නිෂ්ඵල දේවල් පසුපස නොයන්න. එසේ කළොත් ඔබේ දෙපා විඩාවට පත් වනු ඇත. පිපාසයෙන් ඔබේ උගුර වියළී යනු ඇත.+ නමුත් ඔබ, ‘මට ආපසු හැරී එන්න බැහැ.+ මගේ හිත ඇදී ගිහින් තියෙන්නේ වෙනත් අය වෙතටයි.+ ඔවුන් යන මාර්ගයේ මමත් යනවා’+ කියා පවසා ඇත.
26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති. 27 ඔවුහු ගසකට, ‘පියාණෙනි’ කියාද+ ගලකට, ‘අපිට ජීවිතය දුන්නේ ඔබයි’ කියාද පවසති. නමුත් මාව ඔවුහු ප්‍රතික්ෂේප කරති.+ විපත්තියකට මුහුණ දෙන විට, ‘අනේ අපිව බේරගන්න’ කියා ඔවුහු මට පවසති.+
28 “යූදා වැසියෙනි, ඔබට අයිති නුවරවල ගණනටම ඔබට දෙවිවරු සිටිති.+ එසේනම් ඔබ සාදාගත් ඒ දෙවිවරුන් ඔබේ පිහිටට නොඑන්නේ මන්ද?+ ඔබ විපත්තියකට මුහුණ දෙන විට ඔවුන්ට ඔබව බේරාගත හැකි නම් ඇවිත් ඔබව බේරාගන්න කියා ඔවුන්ට පවසන්න.+
29 “ජනයෙනි, ඔබ මට චෝදනා කරන්නේ ඇයි?+ ඔබ සියලුදෙනාම මට විරුද්ධව පව් කරන්නේ ඇයි?+ ඔබෙන් එසේ අසන්නේ යෙහෝවා දෙවි වන මමයි. 30 මා ඔබේ දරුවන්ට දඬුවම් කළත් ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගෙන නැත.+ සිංහයෙකු ගොදුරක් කැබලිවලට ඉරා දමන්නාක් මෙන් ඔබේ කඩුවෙන් ඔබ ඔබේ අනාගතවක්තෘවරුන්ව මරා දමා ඇත.+ 31 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න.+
“මා කෙදිනකවත් ඔබට නිකම්ම නිකම් කාන්තාරයක්+ හෝ ඝනාන්ධකාරයෙන් වැසී ගිය දේශයක් මෙන් වීද? එසේනම්, ‘අපි දැන් නිදහසේ සැරිසරනවා. ආයෙත් නම් අපට ඔබ ළඟට එන්න බැහැ’ කියා මාගේම සෙනඟ වන ඔබ මට පවසන්නේ ඇයි?+ 32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+
33 “ඔබ* ආදරය දිනාගැනීමට කූට ලෙස සැලසුම් යොදන්නේ ඇයි? ඒ අරමුණ ඉටු කරගැනීමට ඔබ කරන්නෙම දුෂ්ට දේවල්ය.+ 34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+
35 “නමුත් ඔබ, ‘අපි කිසි වරදක් කළේ නැහැ. අපි හරි අහිංසකයි. දෙවිගේ උදහස දැන් අප වෙතින් පහව ගිහින්’+ කියා පවසන්නහුය.
“‘මම පව් කළේ නැහැ’+ කියා ඔබ පැවසූ නිසා ඔබට විරුද්ධව මට චෝදනාවක් ඇත. 36 දුර දිග නොබලා ඔබ හිතුමතේට වෙනස් වන්නේ ඇයි?+ ඇසිරියාව මත තැබූ ඔබේ බලාපොරොත්තු සුන් වූ ලෙසම+ ඊජිප්තුව මත තබන ඔබේ බලාපොරොත්තු සියල්ලත් සුන් වී ඔබ ලැජ්ජාවට පත් වනු ඇත.+ 37 ඔබ විශ්වාසය තැබූ ජාතීන්ව යෙහෝවා දෙවි වන මා ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔබ කිසිසේත් සාර්ථක වන්නේ නැත. ඔබේ අත් දෙක හිස මත තබාගෙන ඔබට ලැජ්ජාවෙන් යෑමට සිදු වේ.”+