හිතෝපදේශ
13 පියාගෙන් හික්මවීම් ලබන පුත්‍රයෙකු ප්‍රඥාවන්තය.+ නමුත් සමච්චල් කරන්නෙක් කිසිදා තරවටුවක් පිළිගන්නේ නැත.+
2 මිනිසෙකු තම මුවින් පිට කරන වචන නිසා හොඳ ප්‍රතිඵල අද්දකියි.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ එකම ආශාව වන්නේ අන් අයට හානි පමුණුවීමයි.+
3 තම දිව පාලනය කරගන්නා තම ජීවිතය ආරක්ෂා කරගනියි.+ නමුත් පාලනයකින් තොරව කතා කරන තැනැත්තාට අත් වන්නේ විනාශයයි.+
4 අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත.+ නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.+
5 ධර්මිෂ්ඨයා බොරුව හෙළාදකියි.+ එහෙත් දුෂ්ටයා නින්දාසහගතව හැසිර ලැජ්ජාවට පත් වෙයි.+
6 නිර්දෝෂ තැනැත්තාගේ ධර්මිෂ්ඨ හැසිරීම ඔහුට ආරක්ෂාවකි.+ නමුත් පව්කාරයාගේ දුෂ්ටකම් ඔහුව විනාශයට පමුණුවයි.+
7 කිසිවක් නැති නමුත් තමන් පොහොසත්යයි පෙන්වන අය සිටිති.+ බොහෝ වටිනා දේ තිබුණත් තමන්ට අගහිඟකම් ඇති බව පෙන්වන අයද සිටිති.
8 ධනවතාට තම ජීවිතය ගලවාගැනීමට තම වස්තුව භාර දෙන්න සිදු වෙයි.+ එහෙත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් සැරපරුෂ වචනයක්වත් නොපවසයි.+
9 ධර්මිෂ්ඨයාගේ පහනෙන් ලැබෙන එළිය නිසා ඔහු සතුටක් අද්දකියි.+ නමුත් දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+
10 අහංකාරකම දබරවලට මුල පුරයි.+ නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.+
11 වෙහෙස මහන්සියක් නොමැතිව උපයාගන්න තැනැත්තාගේ වස්තුව අඩු වී යන්නේය.+ නමුත් දෑතේ වීර්යයෙන් උපයාගන්නාගේ වස්තුව තව තවත් වැඩි වන්නේය.+
12 බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය.+ නමුත් ආශා වන දේ ලැබෙන විට එය ජීවන වෘක්ෂයකි.+
13 ණයකරුවෙකු නීතියට එකඟව කටයුතු නොකළොත්+ තමන් ඇප වූ දේ පවා පැහැරගනු ලැබේ. එහෙත් දෙවිගේ ආඥාවට ගරු කරන අය ආශීර්වාද ලබනු ඇත.+
14 ප්‍රඥාවන්තයාගේ නීතිය ජීවනයේ උල්පතකි.+ එය මාරාන්තික උගුල්වලින් ආරක්ෂාව ලබා දෙයි.+
15 වටහාගැනීමේ ශක්තිය වැඩි කරගන්නා සිත් දිනාගනියි.+ එහෙත් ද්‍රෝහිකම් කරන අයගේ මඟ කටුකයි.+
16 සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරති.+ නමුත් අඥානයා සෑම තැනම මෝඩකම පතුරුවයි.+
17 දුෂ්ට පණිවිඩකරුවෙක් හානිකර දේ පවසයි.+ නමුත් විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවදායක වචන පවසයි.+
18 හික්මවීමට පිටු පාන්නා දිලිඳුකමටත් අගෞරවයටත් පත් වෙයි.+ නමුත් අවවාදය පිළිගන්නාට ගෞරවය හිමි වෙයි.+
19 යමෙක් තම ආශාව ඉෂ්ට කරගත් විට තෘප්තියට පැමිණෙයි.+ නපුරු මාර්ගයෙන් ඉවත් වීම අඥානයාට පිළිකුලකි.+
20 ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.+ නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.+
21 විපත පව්කාරයන්ව ලුහුබැඳ එයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.+
22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+
23 අගහිඟකම් තිබුණත් මහන්සි වී ගොවිතැන් කිරීමෙන් බොහෝ පලදාව ලැබෙයි.+ එහෙත් අසාධාරණව කටයුතු කරන අය විනාශයට පත් වන්නෝය.+
24 වේවැල* පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි.+ එහෙත් තම දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම් දීමට මැළි නොවෙයි.+
25 ධර්මිෂ්ඨයා කා බී තෘප්තිමත් වෙයි.+ නමුත් දුෂ්ටයා කුසගින්නෙන් පෙළෙයි.+