ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
2 සුළඟට ගසාගෙන යන දුමක් සේ ඔවුන්ව පලවාහරින්න.+
ගිනිදැල්ලට දිය වී යන ඉටි කැබැල්ලක් සේ+
දුෂ්ටයෝ දෙවි ඉදිරියේ විනාශ වෙත්වා!+
4 දෙවිට ගී ගයන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න.+
පාළුකරය මැදින් ගමන් කරන තැනැත්තාට ගී ගයන්න.+ ඔහුගේ නාමය යෙහෝවාය.+
ඔහු ඉදිරියේ බොහෝ සෙයින් සතුටු වන්න.
5 ශුද්ධ වාසස්ථානයේ සිටින දෙවි,+
පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.+
6 තනි වූ අයට සුරක්ෂිත නිවහනක් ඔහු සපයා දෙන්නේය.+
සිරකරුවන්ව නිදහස් කර ඔවුන්ව සමෘද්ධිමත් තත්වයකට ගෙනෙන්නේය.+
එහෙත් මුරණ්ඩු අයට වියළි දේශයේ වාසය කිරීමට සිදු වන්නේය.+
7 දෙවියනි, ඔබේ සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ විට+
පාළුකරය මැදින් ඔබ පියමන් කළ විට+—සීලාහ්—
අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+
ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+
10 ඔවුහු කූඩාරම්වල+ වාසය කළෝය.+
දෙවියනි, ඔබේ යහපත්කම නිසා පීඩාවට ලක් වූ තැනැත්තාටද එහි වාසය කිරීමට ඔබ සැලැස්වුවෙහිය.+
11 යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය.+
එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.+
12 මහත් සේනාවන් සතු රජවරු පවා පලා දුවති.+
නිවසේ නැවතී සිටින ස්ත්රියටද කොල්ල කා ගත් දෙයින් කොටසක් ලැබෙයි.+
13 පුරුෂයන්ට කඳවුරේ අළු ගොඩවල් අතරේ වැතිර සිටීමට සිදු වුවත්
රිදී තැවරුණු පිහාටුද
16 කඳු මුදුන් සියල්ලෙනි,
දෙවි තම වාසය සඳහා තෝරාගත් කන්ද දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන්ද?+
යෙහෝවා දෙවි එහි සදහටම වාසය කරනු ඇත.+
17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+
යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+
ඔබ වහලුන්වද රැගෙන ගියෙහිය.+
පුරුෂයන්ව තෑගි වශයෙන් ගත්තෙහිය.+
යෙහෝවා* දෙවියනි, ඔබ මුරණ්ඩු අයවද+ තෑගි වශයෙන් ගත්තෙහිය. ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔබ එසේ කළෙහිය.+
19 දිනපතා අපේ බර උසුලාගෙන යන යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+
අපට ගැලවීම ලබා දෙන සැබෑ දෙවි ඔහුය.+ සීලාහ්.
22 යෙහෝවා දෙවි මෙසේ කියා තිබේ. “ඔවුන් බාෂාන්හි සිටියත් මම ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.+
මුහුදු පත්ලෙන් වුවත් මම ඔවුන්ව රැගෙන එන්නෙමි.+
23 ඔබේ පාද ලෙයින් සෝදාගන්නා පිණිසත්+
ඔබේ බල්ලන්ට සතුරන්ගේ ලේ ලෙව කෑමට හැකි වන පිණිසත් මම එසේ කරමි.”+
24 දෙවියනි, මාගේ දෙවි වන ඔබ වෙත පැමිණෙන ජයග්‍රාහී පෙරහැර ඔවුහු දැක ඇත.+
එසේය, මාගේ රජු සිටින ශුද්ධස්ථානය වෙතට පැමිණෙන ජයග්‍රාහී පෙරහැර ඔවුහු දුටුවෝය.+
25 ගායකයෝ ඉදිරියෙන්ම ගියෝය. තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පසුපසින් ගියෝය.+
ඒ දෙපිරිස අතරේ කන්‍යාවෝද රබන් ගසමින් ගියෝය.+
26 ඊශ්‍රායෙල් ජාතිය බිහි කළ තැනැත්තාණන්ගෙන්* ජීවනය ලැබූ සියල්ලෙනි,+
එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
27 සෙනඟව පාලනය කරන කුඩා බෙන්ජමින්ද ඔවුන් සමඟ ගියේය.+
සෙනඟව යටත් කරගත් සෙබ්යූලන්හි හා නෆ්තලීහි පාලකයෝද+
යූදාහි පාලකයෝද ප්‍රීති ඝෝෂා නඟන යූදා සෙනඟ සමඟ ගියෝය.
30 ගව රැළටද+ පන් ගස් අතරේ සිටින වනමෘගයාටද+
වසු පැටවුන්ටද තරවටු කරන්න. ඔවුහු සියල්ලෝ උඩඟු ලෙස රිදී පාගා දමති.+
දබරයට සැරසී සිටින අයව ඔහු විසුරුවාහැරියේය.+
32 පොළොවේ රාජ්‍යයෙනි, දෙවිට ගී ගයන්න.+
යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.—සීලාහ්—
33 පුරාණයේ සිට ස්වර්ගයේ ඉහළම ස්ථානයන්හි ගමන් කරන තැනැත්තාණන්ට+ ප්‍රශංසා ගී ගයන්න.
ඔහු මහත් ශබ්දයකින් හඬ නඟන්නේය.+