හිතෝපදේශ
3 මගේ පුතේ, මං උගන්වන දේවල්* අමතක කරන්න එපා.
මුළු හිතින්ම මගේ ආඥා පිළිපදින්න.
2 එතකොට ඔයාගේ ආයු කාලය වැඩි වෙයි.
ඔයාගේ ජීවිතේට සමාදානයත් එකතු වෙයි.+
3 නොසැලෙන ආදරයත්* විශ්වාසවන්තකමත්* අත්හරින්න එපා.+
ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න.
හිත කියන පුවරුවේ ඒවා ලියාගන්න.+
4 එතකොට වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන
දෙවියන් සහ මිනිස්සු ඉස්සරහා හොඳ නමක් දිනාගන්න ඔයාට පුළුවන්.+
7 ඔයා ප්රඥාවන්තයෙක් කියලා හිතන්න එපා.+
යෙහෝවාට ගරුබිය පෙන්වලා දුෂ්ටකම්වලින් ඈත් වෙන්න.
11 මගේ පුතේ, යෙහෝවා දෙන හික්මවීම් ප්රතික්ෂේප කරන්න එපා.+
ඔහු දෙන අවවාද හෙළා දකින්නත් එපා.+
12 මොකද තාත්තා කෙනෙක් එයාගේ ආදරණීය පුතාට අවවාද කරනවා වගේ+
යෙහෝවාත් තමන් ආදරේ කරන අයට අවවාද කරනවා.+
13 ප්රඥාව හොයාගෙන+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න කෙනා සන්තෝෂවත්.
14 ප්රඥාව රිදීවලට වඩා වටිනවා.
ඒකෙන් ලැබෙන ප්රයෝජන රන්වලටත් වඩා වැඩියි.+
16 ඒකේ දකුණතේ දීර්ඝායුෂත්
වමතේ වස්තුවත් ගෞරවයත් තියෙනවා.
19 යෙහෝවා ප්රඥාව යොදාගෙන පොළොවේ අත්තිවාරම් දැම්මා.+
හොඳ අවබෝධයකින් අහස ස්ථිරව පිහිටෙව්වා.+
21 මගේ පුතේ, ඒ දේවල්* දිහාවටම හිත යොමු කරන්න.
ප්රඥාවත්* සිතීමේ හැකියාවත් රැකගන්න.
22 ඒවායින් ඔයාට ජීවනය ලැබෙයි.
ඒවා ඔයාගේ ගෙල සරසන මාලයක් වගේ වෙයි.
23 එතකොට ඔයා යන මඟේ සුරක්ෂිතව යන්න ඔයාට පුළුවන්.
ඔයා කවදාවත් පය පැටලිලා වැටෙන්නෙත් නැහැ.+
26 යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඔයාට පුළුවන් වෙනවා.+
ඔහු ඔයාගේ පාද කිසි උගුලකට අහු වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+
27 උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා.+
එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී+ ඒක කරන්න අදිමදි කරන්න එපා.
28 දෙන්න දෙයක් ඔයා ළඟ තියෙද්දීත්
“ගිහින් හෙට එන්න. මං හෙට ඔයාට මොනවා හරි දෙන්නම්”
කියලා ඔයාගේ අසල්වැසියාට කියන්න එපා.