මතෙව්
10 ඔහු තම ගෝලයන් දොළොස්දෙනා කැඳවා, භූතයන්ව දුරු කිරීමටත්+ සියලු ආකාර රෝග සහ ආබාධ සුව කිරීමටත් අවශ්‍ය බලය ඔවුන්ට දුන්නේය.
2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය. 3 ෆිලිප් සහ බාතොලමෙව්ය.+ තෝමස්+ සහ බදු එකතු කරන මතෙව්ය.+ අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්+ සහ තදියස්ය. 4 මහත් උද්යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන්+ සහ පසුව යේසුස්ට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්ය.+
5 එම දොළොස්දෙනාව පිටත් කර යැවූ යේසුස් ඔවුන්ට මෙසේ අණ කළේය.+ “වෙනත් ජාතීන් සිටින පළාත්වලට යන මාවත් දිගේ යන්න එපා. සමාරියේ කිසි නුවරකටවත් ඇතුල් වෙන්න එපා.+ 6 ඒ වෙනුවට ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවාම යන්න.+ 7 එසේ යන අතරතුරේදී ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’+ කියා දේශනා කරන්න. 8 ලෙඩුන්ව සුව කරන්න.+ මිය ගිය අයව නැඟිටුවන්න. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරන්න. භූතයන්ව දුරු කරන්න. ඔබට එසේ කිරීමට බලය ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.+ 9 ඔබේ ඉඟටියේ බැඳගත් පසුම්බිවල රන් හා රිදී කාසිවත් තඹ කාසිවත් ගෙන යන්න එපා.+ 10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+
11 “ඔබ යම් නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ විට එහි සුදුස්සන්ව සොයන්න. එයින් පිටත්ව යන තුරුම ඔවුන් සමඟ නැවතී සිටින්න.+ 12 ඔබ නිවසකට ඇතුල් වෙද්දී ගෙයි වැසියන්ට සුබ පතන්න. 13 ගෙයි වැසියන් සුදුස්සන් නම් ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණෙයි.+ නමුත් ඔවුන් සුදුස්සන් නොවෙයි නම් ඔබ පැතූ සාමය නැවත ඔබ පිට පැමිණෙයි. 14 යම් කිසි තැනක කෙනෙක් ඔබව පිළිගන්නේ නැත්නම් හෝ ඔබේ වදන්වලට සවන් දෙන්නේ නැත්නම් ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වන විට ඔබේ පාදවලින් දූවිලි ගසා දමන්න.*+ 15 මා ඇත්තෙන්ම ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නුවරට ලැබෙන දඬුවම+ සොදොම්+ සහ ගොමෝරා දේශයට ලැබුණු දඬුවමට වඩා දරුණු වන බවයි.
16 “මම ඔබව යවන්නේ වෘකයන් මැදට යවන බැටළුවන් වගෙයි.+ එමනිසා ඔබ සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව+ සිටිය යුතුයි. නමුත් පරෙවියන් මෙන් අහිංසක+ වන්න. 17 මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න.+ මන්ද ඔවුන් ඔබව උසාවිවලට භාර දී+ ඔවුන්ගේ සිනගෝගවලදී+ ඔබට කසයෙන් තළයි.+ 18 මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට+ ඇදගෙන යනු ලබයි. එය ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.+ 19 ඔවුන් ඔබව එවැනි අය ඉදිරියට ගෙන ගිය විට ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු වෙන්න එපා. ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි.+ 20 ඔබේ පියාණන්ගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසා ඔබට හොඳින් කතා කරන්න හැකි වෙයි.+ එමනිසා ඒ අවස්ථාවේදී ඔබ කිසිවිටකත් අසරණ වන්නේ නැහැ. 21 කෙනෙක්+ තමන්ගේම සහෝදරයාවද පියෙක් තමන්ගේම දරුවාවද මරණයට පත් කිරීම සඳහා සතුරන් අතට භාර දෙයි. දරුවන්ද දෙමාපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ව මරණයට පත් කිරීම සඳහා+ සතුරන්ට භාර දෙයි. 22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ 23 එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න.+ ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්+ ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වන බවයි.+
24 “ගෝලයෙකු තම ගුරුවරයාට වඩා උසස් වන්නේවත් දාසයෙකු තමන්ගේ ස්වාමියාට වඩා උසස් වන්නේවත් නැහැ.+ 25 ගෝලයෙකු තම ගුරුවරයා හා සමාන වෙන්න ලැබීම ගැනත් දාසයෙකු තම ස්වාමියා හා සමාන වෙන්න ලැබීම ගැනත්+ සතුටු වී ඉන් සෑහීමට පත් විය යුතුයි. ඔවුන් ගෙහිමියාට බෙල්සෙබුබ්*+ කියා පවසනවා නම් ඔහුගේ ගෙයි වැසියන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් එසේ කියයිද! 26 එමනිසා ඔවුන්ට බිය නොවන්න. දැන් සැඟවී තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසිගතව තිබෙන කිසි දෙයක් හෙළි නොකර තිබෙන්නෙත් නැහැ.+ 27 මා ඔබට රහසින් පවසන දෙය සියල්ලන් ඉදිරියේ ප්‍රසිද්ධ කරන්න. ඔබේ කනට රහසින් ඇසෙන දේ වහල්තලවලට ගොස් සියල්ලන්ට ඇසෙන සේ ප්‍රකාශ කරන්න.+ 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+ 29 ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකටයි.+ උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා.+ 30 එසේනම් ඔබ ගැන කිව හැක්කේ කුමක්ද? ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා.+ 31 ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද?+ එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.
32 “මාව පිළිගන්නවා කියා යමෙක් මිනිසුන් ඉදිරියේ පවසනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව පිළිගන්නවා කියා පවසන්න කැමතියි.+ 33 නමුත් යමෙක් මිනිසුන් ඉදිරියේ මාව ප්‍රතික්ෂේප කරනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව ප්‍රතික්ෂේප කරනවා.+ 34 මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න. මා ආවේ කඩුවක්* දීමට මිස සාමය දීමට නොවෙයි.+ 35 මා ආවේ මිනිසෙකු තම පියා සමඟද දුව ඇගේ මව සමඟද අලුතෙන් විවාහ වූ ස්ත්‍රිය ඇගේ නැන්දම්මා සමඟද භේද කරවීමටයි.+ 36 ඇත්තෙන්ම මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්. 37 මට වඩා පියාටවත් මවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි. මට වඩා පුතාටවත් දුවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි.+ 38 තම වධකණුව භාරගෙන මා අනුව නොඑන තැනැත්තාද මට සුදුසු කෙනෙක් නොවෙයි.+ 39 යමෙක් තම ජීවිතය රැකගන්න කොතරම් උත්සාහ කළත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය නැවත හිමි වෙයි.+
40 “ඔබව පිළිගන්නා තැනැත්තා මාවද පිළිගනියි. මාව පිළිගන්නා තැනැත්තා මාව එවූ තැනැත්තාවද පිළිගනියි.+ 41 කෙනෙක් අනාගතවක්තෘවරයෙකුව පිළිගෙන ඔහුට අනාගතවක්තෘවරයෙකු ලෙස සලකනවා නම් අනාගතවක්තෘවරයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි. කෙනෙක් ධර්මිෂ්ඨ මිනිසෙකුව පිළිගෙන ඔහුට ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකනවා නම් ධර්මිෂ්ඨයෙකුට හිමි වන ත්‍යාගය+ ඔහුටත් හිමි වෙයි. 42 මගේ ගෝලයන් වන මේ කුඩා අයගෙන් එක් කෙනෙකුට හෝ යමෙක් බොන්න ඇල් වතුර කෝප්පයක්වත් දෙනවා නම් ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔහුගේ ත්‍යාගය කිසිසේත් ඔහුට අහිමි නොවන බවයි.”+