ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
109 මා ප්රශංසා කරන දෙවියනි,+ නිහඬව නොසිටින්න.+
2 දුෂ්ටයාද රැවටිලිකාරයාද මට විරුද්ධව කතා කළෝය.+
ඔවුහු මා ගැන බොරු කීවෝය.+
3 ඔවුන්ගේ ද්වේෂසහගත වචනවලින් මම වටව සිටිමි.+
කිසිම හේතුවක් නැතුව ඔවුහු මට විරුද්ධව සටන් කරන්නෝය.+
6 දෙවියනි, මාගේ විරුද්ධකාරයාට+ එරෙහිව කුරිරු පාලකයෙකුව පත් කරන්න.
ඔහුට චෝදනා කරන්නෙකුව ඔහුගේ දකුණු පැත්තෙහි තබන්න.
අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා!+
10 ඔහුගේ පුත්රයන්ට ඉබාගාතේ ඇවිදීමට සිදු වේවා!+
ඔවුන්ට හිඟමන් යදින්න සිදු වේවා!
කුසට අහරක් සොයා, ඔවුන් වෙසෙන පාළු තැන්වලින් පිටත්ව යෑමට ඔවුන්ට සිදු වේවා!+
11 ණයහිමියා කූට උපායන් යොදා ඔහු සතු සියල්ල අත් කරගනු ලැබේවා!+
වෙහෙස මහන්සියෙන් ඔහු උපයාගත් දේ පවා පිටස්තරයෝ+ ඇවිත් කොල්ල කනු ලබත්වා!+
12 ඔහුට කරුණාව* පෙන්වීමට කිසිවෙක් නොසිටීවා!+
ඔහුගේ මිය යෑමෙන් අනතුරුව ඔහුගේ පුත්රයන්ට කරුණාව දැක්වීමට කිසිවෙක් නොසිටීවා!
15 ඔවුන්ගේ පාප සියල්ලම යෙහෝවා දෙවිගේ මතකයේ සදා රැඳේවා!+
මේ පොළොව මත නැවත කිසිදාක ඔවුන් ගැන අසන්න නොලැබේවා!+
16 මන්ද ඔහු කෙදිනකවත් කිසිවෙකුට කරුණාව* නොපෙන්වූවේය.+
පීඩිත දුප්පතා පසුපස ඔහු ලුහුබැන්දේය.+
ඔහුව මරා දැමීමට සෙව්වේය.+
17 ඔහු මහත් ආශාවකින් අන් අයට ශාප කළ නිසා+ එය ඔහු පිටටම පෙරළා පැමිණියේය.+
ආශීර්වාද කිරීමට ඔහු කිසිසේත් සතුටු නොවුණේය.+
එබැවින් ඔහුටද ආශීර්වාද නොලැබුණේය.+
18 ශාප, වස්ත්රයක් මෙන් ඔහුව වසාගත්තේය.+
ශරීරයට ජලය උරාගන්නාක් මෙන්ද+
ඇටකටුවලට තෙල් ඇදගන්නාක් මෙන්ද ඔහු වෙතට ඒ ශාප ඇදී ආවේය.
23 බැස යන හිරුත් සමඟම පහ වී යන සෙවණැල්ලක් මෙන් මාද පහව යන්නේය.+
සුළඟට හසු වූ පළඟැටියෙකු මෙන් මාද ගසාගෙන යන්නේය.
24 නිරාහාරව සිට මාගේ දණිස් පණ නැති වී ඇත.+
මාගේ ශරීරය වැහැරී ගොස් ඇත. කිසිදු තෙලක් මාගේ ශරීරයේ මම ආලේප කළේද නැත.+