හෙබ්‍රෙව්
13 දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.+ 2 ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.+ මන්ද සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට පවා සංග්‍රහ කළෝය.+ 3 සිරභාරයේ සිටින අය+ සමඟ ඔබවත් බැඳ තබා තිබෙනවා කියා සිතා+ ඔවුන්ගේද හිංසා පීඩා විඳින වෙනත් අයගේද+ දුක් පීඩා අමතක නොකරන්න. මන්ද ඔබත් තවමත් මිහිපිට ජීවත්ව සිටින්නහුය. 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+ 5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+ 6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.
7 ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දෙවිගේ වදන් ගැන කියා දෙන අයව අමතක නොකරන්න.+ ඔවුන් හැසිරෙන ආකාරය දෙසත් එයින් ඔවුන් ලබන යහපත් ප්‍රතිඵල දෙසත් හොඳින් බලා ඔවුන් තුළ තිබෙන විශ්වාසය+ ආදර්ශයට ගන්න.+
8 යේසුස් ක්‍රිස්තුස් ඊයේත් අදත් කවදත් එකම තැනැත්තාය.+
9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.
10 අපටද පූජාසනයක් ඇත. එහි තිබෙන දේ කෑමට ශුද්ධ කූඩාරමෙහි සේවය කරන අයට අවසර නැත.+ 11 උත්තම පූජකයා පව් උදෙසා සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට ගෙන ගිය පසු එම සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් පිටත පුලුස්සා දමනු ලැබේ.+ 12 එලෙසම යේසුස්ද තමාගේම ලෙයින්+ ජනයාව ශුද්ධ කිරීම සඳහා+ වධ වින්දේ නුවරෙන් පිටතය.+ 13 එහෙයින් අපිද ඔහු දැරූ නින්දාව දරාගෙන කඳවුරෙන් පිටතට ගොස් ඔහු වෙතට යමු.+ 14 මන්ද සැමදා පවතින නුවරක් අපට මෙහි නැත.+ ඒ වෙනුවට අප මහත් උනන්දුවකින් බලා සිටින්නේ පැමිණීමට නියමිත නුවර දෙසය.+ 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු. 16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+
17 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න.+ එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.+ ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.+ තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.+
18 අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා+ දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.+ 19 මා ඔබට උනන්දු කරන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් වීමටය. එවිට වඩාත් ඉක්මනින් ඔබව හමු වීමට මට අවස්ථාවක් ලැබිය හැක.+
20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි. 21 එනම් ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔබට සපයන්න කියාත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහුට ප්‍රසන්න දේ කිරීමට අපට මඟ සලසන්න කියාත් ඉල්ලමි.+ ඒ දෙවිට සදහටම සියලු ප්‍රශංසා හා ගෞරවය හිමි වේවා!+ ආමෙන්.*
22 සහෝදරයෙනි, වචන ස්වල්පයකින් මා මේ ලිපිය ඔබට ලියා ඇති නිසා+ දැන් මා ඔබට උනන්දු කරන්නේ ඒ දිරිගැන්වීම්වලට ඉවසිලිවන්තව හොඳ අවධානයක් දෙන්න කියාය. 23 අපගේ සහෝදර තිමෝතිව+ නිදහස් කර ඇති බව ඔබට දැන්වීමට කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියොත් මගේ අදහස වන්නේ ඔහු සමඟ ඔබව හමු වීමට පැමිණීමයි.
24 ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන සියලුදෙනාටත්+ සියලුම ශුද්ධ තැනැත්තන්ටත් මගේ සුබ පැතුම් ලබා දෙන්න. ඉතාලියෙහි+ සිටින සියලුදෙනාත් ඔබට සුබ පතති.