හෙබ්‍රෙව්වරුන්ට
13 තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් ඔයාලා දිගටම එකිනෙකාට පෙන්නන්න.+ 2 ආගන්තුක සත්කාරය පෙන්නන්න* අමතක කරන්න එපා.+ මොකද සමහරු එහෙම කරලා දන්නෙම නැතුව දේවදූතයන්ටත් සංග්‍රහ කළා.+ 3 හිරේ ඉන්න අයව අමතක කරන්න එපා.+ ඔයාලත් එයාලා එක්ක හිරේ ඉන්නවා කියලා හිතන්න.+ හිංසා පීඩා විඳින අයවත් මතක් කරන්න. එහෙම කරද්දී එයාලත් ඔයාලා වගේ මිනිස්සු කියලා මතක තියාගන්න.* 4 විවාහය කියන්නේ හැමෝම ගෞරවයෙන් සලකන්න ඕනෙ දෙයක්. සැමියායි, බිරිඳයි එකිනෙකාට ද්‍රෝහි වෙන්නේ නැතුව ඉන්න ඕනේ.+ මොකද දෙවියන් ලිංගික දුරාචාරයේ* යෙදෙන අයවයි, අනාචාරයේ* යෙදෙන අයවයි විනිශ්චය කරනවා.+ 5 ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.+ ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.+ මොකද ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.”+ 6 ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. “මගේ උදව්වට ඉන්නේ යෙහෝවා.* මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”+
7 ඔයාලා අතරේ පෙරමුණ අරන් වැඩ කරන අයව අමතක කරන්න එපා.+ දෙවියන්ගේ වචනය ඔයාලට කියලා දුන්නේ එයාලයි. එයාලාගේ යහපත් හැසිරීම නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල දිහා බලලා එයාලාගේ විශ්වාසය ආදර්ශයට ගන්න.+
8 යේසුස් ක්‍රිස්තුස් වෙනස් වෙන්නේ නැහැ. ඊයෙත් අදත් හැමදාටමත් ඔහු ඒ විදිහමයි.
9 එක එක විදිහේ, අමුතු ඉගැන්වීම්වලට අහු වෙලා නොමඟ යන්න එපා. කෑමවලින්* හිත ශක්තිමත් කරගන්නවා වෙනුවට ඔයාලාගේ හිත ශක්තිමත් කරන්න දෙවියන්ගේ මහත් කරුණාවට ඉඩ දෙන්න. කෑමවලට ඕනෑවට වඩා තැනක් දෙන අයට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.+
10 අපිට පූජාසනයක් තියෙනවා. ඒත් ඒකේ තියෙන දේවල්, ශුද්ධ කූඩාරමේ සේවය කරන අයට කන්න අවසර නැහැ.+ 11 උත්තම පූජකයා පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න, සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට අරන් ගියාට පස්සේ කූඩාරමේ සේවය කරන අය ඒ සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් එළියට අරන් ගිහින් පුච්චනවා.+ 12 ඒ විදිහටම නුවරේ දොරටුවෙන් පිටතදී යේසුත් දුක් විඳලා මැරුණේ+ ඔහුගේ ලේ මාර්ගයෙන් මිනිස්සුන්ව ශුද්ධ අය විදිහට වෙන් කරන්නයි.+ 13 කඳවුරෙන් එළියේ ඉන්න ඔහු ළඟට අපිත් යමු. ඔහු නින්දාවට ලක් වුණ විදිහටම අපිත් නින්දාවට ලක් වෙමු.+ 14 හැමදාටම තියෙන නුවරක් අපිට මෙහේ නැහැ. ඒත් ඉස්සරහට එන්න තියෙන නුවර දිහා අපි හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.+ 15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ. 16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+
17 ඔයාලා අතරේ පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වෙන්න.+ එයාලා දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්න.*+ මොකද එයාලා හැම තිස්සේම ඔයාලව බලාගන්නවා. ඒ ගැන එයාලා දෙවියන්ට වග කියන්න ඕනේ.+ ඔයාලා කීකරු වෙනවා නම් එයාලාගේ වගකීම දුකෙන් කරන්නේ නැතුව සතුටින් කරන්න එයාලට පුළුවන් වෙයි. එයාලා ඒක දුකෙන් කළොත් හානියක් වෙන්නේ ඔයාලටමයි.
18 දිගටම අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. මොකද අපිට අවංක* හෘද සාක්ෂියක් තියෙනවා කියලා අපිට විශ්වාසයි. ඒ වගේම අපි කරන හැම දේකදීම අවංකව වැඩ කරන්නයි අපිට ඕනේ.+ 19 ඒත් යාච්ඤා කරන්න කියලා මං ඔයාලාගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ මට ඔයාලා ළඟට ආයෙත් ඉක්මනින්ම එන්න පුළුවන් වෙන්නයි.
20 සමාදානයේ දෙවියන්, උතුම් බැටළු එඬේරා+ සහ අපේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වා. ඔහු හැමදාටම තියෙන ගිවිසුම වලංගු කරපු ලේ අරන් දෙවියන් ළඟට ගියා. දැන් සමාදානයේ දෙවියන්ගෙන් මං ඉල්ලන්නේ 21 ඔහු බලාපොරොත්තු වෙන දේ කරන්න ඔයාලට අවශ්‍ය හැම යහපත් දෙයක්ම දෙන්න කියලයි. දෙවියන් සතුටු වෙන දේ කරන්න යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපිව පොලඹවන්න කියලත් මං ඉල්ලනවා. දෙවියන්ට සදාකාලයෙන් සදාකාලයටම ගෞරවය හිමි වෙන්න ඕනේ! ආමෙන්.*
22 සහෝදරයෙනි, මං ඔයාලාගෙන් ඉල්ලන්නේ දිරිගන්වන මේ වචනවලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න කියලයි. මොකද මං ඔයාලට ලිව්වේ කෙටි ලියුමක්. 23 අපේ සහෝදර තිමෝතිව නිදහස් කරලා කියලා ඔයාලට කියන්න කැමතියි. එයා ඉක්මනින්ම ආවොත් මං ඔයාලව බලන්න එයාත් එක්ක එන්නම්.
24 ඔයාලා අතරේ පෙරමුණ අරන් වැඩ කරන හැමෝවමයි, ශුද්ධ අයවයි මං ආදරෙන් මතක් කළා කියන්න. ඉතාලියේ+ ඉන්න අය ඔයාලව ආදරෙන් මතක් කරනවා.
25 දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම පතනවා!