2 තිමෝති
2 එහෙයින් මගේ පුත්‍රය,+ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ ලබන මහත් කරුණාව තුළින්+ දිගටම ශක්තිමත් වන්න.+ 2 එලෙසම බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේවල්+ විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ.+ 3 ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු ලෙස+ දුක් විඳීමට පසුබට නොවන්න.+ 4 හේවායෙකු+ ලෙස සේවය කරන කිසිවෙක් තම සේවයට අදාළ නැති ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන්නේ නැත.+ ඔහු එසේ සම්බන්ධ නොවන්නේ තමාව හේවායෙකු ලෙස බඳවාගත් තැනැත්තාගේ අනුමැතිය ලබාගැනීම සඳහාය. 5 එලෙසම යම් තරඟාවලියකට සහභාගි වී+ ජය ලබන කෙනෙකුට කිරුළු පළඳවන්නේ ඔහු තරඟයේ නීතිරීතිවලට අනුව තරඟ කළොත් පමණි. 6 මුලින්ම පලදාව භුක්ති විඳිය යුත්තේ ඒ සඳහා මහන්සි වී ගොවිතැන් කළ තැනැත්තාය.+ 7 මා පවසන දේවල් ගැන නිරතුරුවම කල්පනා කර බලන්න. සෑම දෙයක්ම වටහාගැනීමේ හැකියාව+ ඔබට අනිවාර්යයෙන්ම ස්වාමීන්ගෙන් ලැබෙනු ඇත.
8 යේසුස් ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙකු බවත්+ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බවත්+ මතක තබාගන්න. මා දේශනා කරන ශුභාරංචියට එයද ඇතුළත්ය.+ 9 වරදකරුවෙකු ලෙස මගේ අත් පාවලට විලංගු දමා තිබෙන්නෙත් මා බොහෝ හිරිහැර විඳින්නෙත් ඒ ශුභාරංචිය නිසාය.+ එසේවුවත් දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට කිසිවෙකුට නුපුළුවන.+ 10 මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටින්නේ තෝරාගත් අය වෙනුවෙනි.+ එසේ කිරීමෙන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටීමෙන් ලැබෙන ගැලවීමද ඒ සමඟ සදාකාල තේජස භුක්ති විඳීමේ ප්‍රස්තාවද ඔවුන්ටත් උදා වේ.+ 11 මතු දැක්වෙන මේ කාරණය විශ්වාසවන්තය.+ එනම් අප ඔහු සමඟ මිය ගියොත් අපි ඔහු සමඟ ජීවත් වන්නෙමු.+ 12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි. 13 අප දෙවිට අවිශ්වාසවන්ත වුවත් ඔහු දිගටම විශ්වාසවන්තව සිටියි.+ මන්ද දෙවි තම ප්‍රමිතිවලට විරුද්ධව කිසි ලෙසකින්වත් ක්‍රියා කරන්නේ නැත.
14 ඒ දේවල් ඔවුන්ට නිතරම මතක් කරමින්+ වචන ගැන වාද නොකරන ලෙස+ ඔවුන්ට දෙවි ඉදිරියේ+ ඉතා පැහැදිලිව පවසන්න.+ එවැනි වාදවලින් සවන් දෙන අයගේ විශ්වාසය දුර්වල වී යන නිසා ඒවායින් කිසි ප්‍රයෝජනවත් දෙයක් සිදු වන්නේ නැත. 15 දෙවිගේ අනුමැතිය ලබා ඇති+ සේවකයෙකු ලෙස+ පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන,+ සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.+ 16 නමුත් ශුද්ධ දේවලට එකඟ නැති හිස් කතාවලින් අහක් වී සිටින්න.+ මන්ද එවැනි දේවල් පතුරුවන අය දෙවිට තව තවත් අගෞරවයක් ගෙන දෙන අතර,+ 17 ඔවුන් පවසන දේවල් ශරීරය පුරා වේගයෙන් පැතිරෙන මාරාන්තික රෝගයක් මෙනි.+ එවැනි අය අතර හිමනේයස් සහ ෆිලේටස් සිටිති.+ 18 සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව ගොස් ඇති ඔවුහු,+ නැවත නැඟිටීම දැනටමත් සිදු වී ඇති බව පවසමින්+ සමහරුන්ගේ විශ්වාසය නැති කර දමමින් සිටිති.+ 19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.
20 විශාල නිවසක් ගැන සිතන්න. එම නිවසේ විවිධාකාර බඳුන් රැසක් තිබේ. එනම් රනින් හා රිදීයෙන් සෑදූ ඒවා පමණක් නොව ලී සහ මැටිවලින් සෑදූ ඒවාද තිබේ. සමහර බඳුන් භාවිත කරන්නේ ගෞරවනීය අරමුණක් උදෙසාය. තවත් ඒවා භාවිත කරන්නේ එතරම් ගෞරවනීය අරමුණක් උදෙසා නොවේ.+ 21 යමෙක් දෙවෙනුව සඳහන් කළ ඒවා හා සමාන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටියොත් ඔහුද ගෞරවනීය අරමුණක් සඳහා භාවිත කරන බඳුනක් හා සමාන වනු ඇත. එහෙයින් ඔහු ශුද්ධ* මෙන්ම තම අයිතිකරුට ප්‍රයෝජනයක් ගෙන දෙන සෑම යහපත් දෙයක් සඳහාම සූදානම් වී සිටින කෙනෙක් වනු ඇත.+ 22 ඒ අනුව යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම,+ විශ්වාසය, ප්‍රේමය හා සමාදානය+ යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.+
23 මීට අමතරව කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයව ප්‍රතික්ෂේප කරන්න.+ මන්ද ඒවාට සම්බන්ධ වීමෙන් හටගන්නේ දබර පමණි.+ 24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+ 25 යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති+ කෙනෙකු විය යුතුයි. සමහරවිට ඔවුන්ට පසුතැවිලි වී+ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට+ දෙවි මඟ සැලසිය හැක. 26 එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට යක්ෂයාගේ උගුලෙන් මිදී+ නැවත පියවි සිහියට පැමිණෙන්න හැකි වේ. මන්ද පණපිටින් අල්ලාගත් සතුන් මෙන්+ යක්ෂයා තමාට කැමති දේ ඔවුන් ලවා ඉටු කිරීමට ඔවුන්ව අල්ලාගෙන සිටියි.