2 සාමුවෙල්
22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+ 2 ඔහු මෙසේ කීවේය.
“යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය.+ මාගේ බලකොටුවය.+ මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+
3 මාගේ දෙවි මාගේ පර්වතයය.+ මම ඔහුගේ ආරක්ෂාව පතමි.
ඔහු මාගේ පලිහය.+ මාගේ ගැලවීමේ අඟය.+ මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුව ඔහුය.+
ඔහු මට පලා ගොස් සැඟවී සිටිය හැකි ස්ථානයකි.+ මාගේ ගැලවුම්කරුය.+ සැහැසිකයන්ගෙන් ඔබ මා ගලවාගන්නෙහිය.+
4 ප්රශංසාව ලබන්න වටින තැනැත්තාණන්+ වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.
එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+
සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙත පැමිණ මා බිය ගැන්වූහ.+
7 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.+
මාගේ දෙවිට මම නොකඩවාම හඬගැසුවෙමි.+
තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+
උපකාරය පතා මා කළ මොරගැසීම් ඔහුගේ දෙසවනට වැටිණ.+
8 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+
අහසේ අත්තිවාරම් පවා කම්පනය විය.+
ඒවා තදින් දෙදරුම් කන්නට විය.+
9 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+
ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.+
13 ඔහු ඉදිරියෙන් නික්මුණු දීප්තිය නිසා ගිනි අඟුරු දැල්වී ගියේය.+
16 යෙහෝවා දෙවිගේ තරවටුව නිසාද
ඔහු හුස්ම හෙළූ විට ඇති වූ පිපිරීම නිසාද+ මුහුදු පතුල මතු විය.+
පොළොවේ අත්තිවාරම් පවා පෙනුණේය.+
19 මා විපත්තිවලට මුහුණ දුන් විට ඔවුහු දිගටම මට තර්ජනය කළෝය.+
නමුත් යෙහෝවා දෙවි මාගේ උපකාරයට පැමිණියේය.+
21 මාගේ ධර්මිෂ්ඨ ක්රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+
මා පවිත්ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+
25 එවිට මාගේ ධර්මිෂ්ඨ ක්රියාවලට අනුවද+
ඔහු ඉදිරියේ මා ගත කරන පවිත්ර ජීවිතයට අනුවද+ යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.
26 ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසි කලෙක අත් නොහරින්නෙහිය.+
ඔබ නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක අත් නොහරින්නෙහිය.+
27 පවිත්ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+
වංක තැනැත්තාට ඔහුගේ ක්රියාවලට අනුව ප්රතිඵල දෙන්නෙහිය.+
28 යටහත්පහත් අයව ඔබ ගලවාගන්නෙහිය.+
නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+ ඔබ ඔවුන් දෙස පිළිකුලෙන් බලන්නෙහිය.
30 ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක.+
මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.+
31 සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+
යෙහෝවා දෙවිගේ වචනය පවිත්රය.+
ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+
ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+
34 මුවදෙනෙකු මෙන් දිවීමට ඔහු මට උපකාර කරන්නේය.+
මට තනිව යා නොහැකි උස් තැන්වලට ඔහු මාව ගෙන යන්නේය.+
38 මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව විනාශ කර දමන්නෙමි.
ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+
40 ඔබ මාගේ ඉඟටිය ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.+
මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+
41 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින් ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.+
මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+
42 ඔවුන් උපකාරය පතා මොරගසන නමුත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+
ඔවුන් යෙහෝවා දෙවිට මොරගසන නමුත් ඔහු පිළිතුරු දෙන්නේ නැත.+
43 මම ඔවුන්ව පොඩි කර පොළොවේ දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.
පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව පාගා දමන්නෙමි.
ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+
44 මාගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+
ඔබ මාව ආරක්ෂා කර ජාතීන් කෙරෙහි නායකයා ලෙස මාව පත් කරන්නෙහිය.+
මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+
47 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට ප්රශංසා ලැබේවා!+
ගැලවීම දෙන මාගේ දෙවි, මාගේ පර්වතය සියල්ලන්ගේ පැසසුමට ලක් වෙත්වා!+