1 කොරින්ති
15 සහෝදරයෙනි, මා ඔබට ප්‍රකාශ කළ+ ශුභාරංචිය+ ගැන යම් කාරණයක් ඔබට මතක් කරන්න කැමැත්තෙමි. ඔබ ඒ ශුභාරංචිය පිළිගත්තා පමණක් නොව ඔබ ජීවත් වෙමින් සිටින්නෙත් ඊට එකඟවය.+ 2 මගෙන් අසා දැනගත් ඒ ශුභාරංචියට ඔබ තදින් ඇලී සිටියොත් එය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+ නමුත් ඔබ එසේ කරන්නේ නැත්නම් ඔබ යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණත් එයින් කිසි පලක් නැත.+
3 මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි.+ එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්,+ 4 ඔහුව තැන්පත් කළ බවත්+ ඉන්පසු ශුද්ධ ලියවිල්ලට අනුව+ ඔහු තුන්වෙනිදා+ මරණයෙන් නැඟිටුවනු ලැබූ බවත්ය.+ 5 පසුව ඔහු සීෆස් ඉදිරියේද+ ඉන්පසු දොළොස්දෙනා ඉදිරියේද+ පෙනී සිටියේය. 6 තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති.+ 7 ඉන්පසු ඔහු යාකොබ් ඉදිරියේද+ පසුව ඔහුගේ සියලු නියෝජිතයන්* ඉදිරියේද+ පෙනී සිටියේය. 8 අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය.+ ඒ අවස්ථාවේදී මා අඩු මාසයෙන් උපන් දරුවෙකු හා සමාන විය.
9 යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය.+ මා දෙවිගේ සභාවට පීඩා කළ නිසා+ නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැත. 10 නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එසේ දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.+ මන්ද අන් සියලුදෙනාටම වඩා මම මහත් වෙහෙසක් දරා සේවය කළෙමි.+ නමුත් ඒ දේ කළේ මගේ ශක්තියෙන් නොව මට ලැබී ඇති දෙවිගේ මහත් කරුණාව නිසාය.+ 11 කෙසේනමුත් මා දේශනා කළත් අනික් නියෝජිතයන් ඔබට දේශනා කළත් වෙනසක් නැත. මන්ද එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඔබ තුළ විශ්වාසයක් ඇති වී තිබේ.+
12 ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවා ඇති බව දේශනා කරනවා නම්+ මිය ගිය අයට නැවත නැඟිටීමක් නැති බව ඔබෙන් සමහරදෙනෙකු පවසන්නේ කුමන පදනමක් මතද?+ 13 ඇත්තෙන්ම මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේද නැත.+ 14 ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේ නැත්නම් අප කරන දේශනා සේවයෙන් කිසිදු පලක් නැත. අපගේ විශ්වාසයෙන්ද කිසි පලක් නැත.+ 15 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා ඇති බව පැවසිය නොහැක.+ එසේනම් දෙවි ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බවට+ අප දරන සාක්ෂියත්+ දෙවිට විරුද්ධව කරන බොරු සාක්ෂියක් බවට පත් වේ.+ 16 මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ නැත්නම් ක්රිස්තුස්වද මරණයෙන් නැඟිටුවා ඇති බව පැවසිය නොහැක. 17 ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා නැත්නම් ඔබ තුළ තිබෙන විශ්වාසයෙහි කිසි පලක් නැති අතර ඔබ තවමත් සිටින්නේ ඔබේ පාපවලට සමාවක් ලබා නොගෙනය.+ 18 එසේනම් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටි අය අතරින්+ මිය ගිය අය සදහටම අපගෙන් වෙන් වී ඇත.+ 19 ඇත්තෙන්ම අප ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තු තබාගෙන සිටියත් අපට තිබෙන බලාපොරොත්තුව මේ ජීවිතය ගැන පමණක් නම්+ අන් සියලුදෙනාටම වඩා අනුකම්පාව ලැබිය යුත්තේ අපටය.
20 නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය.+ මිය ගිය අය අතරින්+ මුලින්ම*+ නැඟිටුවනු ලැබුවේ ඔහුවය. 21 මරණය පැමිණියේ+ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද+ සිදු වේ. 22 ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති.+ නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.+ 23 සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය.+ ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී*+ නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි. 24 අවසානයේදී සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත.+ 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+ 26 ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.+ 27 මන්ද දෙවි, “ඔහුගේ පාදවලට සියල්ල යටත් කළේය.”+ නමුත්, ‘සියල්ල යටත් කර තිබේ’+ කියා පවසන විට සියල්ල ඔහුට යටත් කර දුන් තැනැත්තා ඔහුට යටත් වන්නේ නැත.+ 28 මන්ද සියල්ල පුත්‍රයාට යටත් කළ පසු+ පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත.+ එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.+
29 මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම් මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම වන අයට+ ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එසේම මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම්+ ඔවුන්ව මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම කරන්නේ කුමන හේතුවකටද?+ 30 අපද සෑම මොහොතක් පාසාම අපගේ ජීවිත අනතුරේ තබන්නේ මන්ද?+ 31 සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු ලෙස මා ඔබ ගැන ප්‍රීති වන බව සත්‍යයක් වන්නා සේම+ මා දිනපතාම මරණය නමැති අවදානමට මුහුණ දෙන බවද සත්‍යයකි.+ 32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+ 33 මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.+ 34 අවදි වන්න.+ නැවතත් ධර්මිෂ්ඨ දේ කරමින් සිහිකල්පනාවෙන් කටයුතු කරන්න. පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න. මන්ද ඔබ අතරේ සිටින සමහරදෙනෙකුට දෙවි ගැන දැනුමක් නැත.+ මා මේ දේවල් ඔබට පවසන්නේ ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති කිරීම සඳහාය.+
35 නමුත්, “මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කෙසේද? ඔවුන්ට ලැබෙන්නේ කුමනාකාරයේ ශරීරයක්ද”+ කියා සමහරු අසති. 36 එතරම් පටු ආකාරයට නොසිතන්න! බීජ වපුරන විට සිදු වන දේ ගැන කල්පනා කර බලන්න. බීජයකින් පැළයක් හටගැනීමට පෙර එය දිරාපත් වී මිය යා යුතුයි.+ 37 එලෙසම ඔබ වපුරන විට ඔබ වපුරන්නේ පැළ නොවේ. ඔබ වපුරන්නේ බීජයි.+ ඒ බීජ තිරිඟු හෝ වෙනත් යම් බීජ වර්ගයක් විය හැක. 38 නමුත් දෙවි තමන් කැමති ආකාරයට+ ඒ බීජ පැළ බවට පත් කරයි.+ එහෙයින් සෑම බීජයකින්ම ඊට ආවේණික වූ පැළයක් හටගනී. 39 ශරීර ගැනත් ඒ හා සමාන දෙයක් පැවසිය හැක. සෑම ශරීරයක්ම එකිනෙකට වෙනස්ය. මිනිසාට තිබෙන්නේ එක් ආකාරයක ශරීරයකි. එලෙසම ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් යනාදි ජීවීන්ට ඇත්තේද එකිනෙකට වෙනස් ශරීරයන්ය.+ 40 පොළොවේ සිටින ජීවීන්ට නොයෙකුත් ආකාරයේ ශරීර තිබෙනවා+ වගේ ස්වර්ගයේ සිටින ජීවීන්ටද යම් ආකාරයක ශරීර ඇති බව කිව හැකිය.+ ස්වර්ගයේ සිටින ජීවීන්ගේ අලංකාරය+ එක් විදිහක්ය. පොළොවේ සිටින ජීවීන්ගේ අලංකාරය තවත් විදිහක්ය. 41 හිරුගෙන් නිකුත් වන ආලෝකය+ එක් විදිහක්ය. හඳේ ආලෝකය+ තවත් විදිහක්ය. තරුවලින් නිකුත් වන ආලෝකය+ ඊට වඩා වෙනස්ය. ඇත්තෙන්ම සෑම තරුවකින්ම විහිදෙන ආලෝකයද එකිනෙකට වෙනස්ය.
42 මිය ගිය අයගේ නැවත නැඟිටීමත් එසේමය.+ බීජයක් වපුරනු ලැබූ පසු එය දිරාපත් වී යනවා වගේ පුද්ගලයා මිය ගිය විටද ඔහු දිරාපත් වී යයි. නමුත් ඔහුව නැවත නැඟිටුවනු ලැබූ පසු ඔහු කිසිදා දිරා යන්නේ නැත.+ 43 බීජයක් වපුරනු ලැබූ පසු එය දිරාපත් වී යනවා වගේ ඔහු මිය ගිය විටද ඔහුට කිසි ගෞරවයක් හිමි වන්නේ නැත.+ නමුත් ඔහුව නැවත නැඟිටුවනු ලබන විට ඔහුට ස්වර්ගීය තේජසක් හිමි වේ.+ ඔහු මිය යන විට ඔහුගේ දුර්වලකම පැහැදිලි වේ.+ නමුත් ඔහුව නැඟිටුවනු ලබන විට ඔහු කොතරම් බලවත්ද කියා පැහැදිලි වේ.+ 44 මිය යන්නේ ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති පුද්ගලයාය.+ නමුත් නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගයේ ජීවත් වීමට හැකි පුද්ගලයෙකු ලෙසටය.+ එසේනම් පොළොව මත සිටින මිනිසුන්ට ශරීරයක් තිබෙනවා වගේ ස්වර්ගයේ ජීවත් වන අයටද යම් ආකාරයක ශරීර තිබේ. 45 ලියවිලිවල සඳහන් ආකාරයට, “පළමුවෙනි මිනිසා වූ ආදම් පොළොවේ සිටි ජීවමාන පුද්ගලයෙක් විය.”+ නමුත් අන්තිම ආදම් ස්වර්ගයේ සිටින+ ජීවනය ගෙන දෙන+ කෙනෙක් විය. 46 නමුත් මුලින්ම කෙනෙක් ස්වර්ගයේ සිටින කෙනෙකු ලෙස නොව මිනිසෙකු ලෙස ජීවත් විය යුතුයි. ඔහු ස්වර්ගයේ සිටින කෙනෙකු වන්නේ ඉන්පසුවය.+ 47 මුල් මිනිසාව සෑදුවේ භූමියෙන් ගන්නා ලද දූවිල්ලෙනි.+ නමුත් දෙවෙනි මිනිසා පැමිණියේ ස්වර්ගයෙනි.+ 48 දූවිල්ලෙන් සාදනු ලැබූ සියලුදෙනා දූවිල්ලෙන් සාදනු ලැබූ තැනැත්තාට+ සමානය. එලෙසම ස්වර්ගයට යන අය+ ස්වර්ගයෙන් පැමිණි තැනැත්තාට සමානය.+ 49 ඒ අනුව දූවිල්ලෙන් සාදනු ලැබූ තැනැත්තාගේ ස්වරූපයට අප සමාන වූ ලෙසම+ ඉදිරියේදී ස්වර්ගයෙන් පැමිණි තැනැත්තාගේ ස්වරූපයටත් අප සමාන වනු ඇත.+
50 නමුත් සහෝදරයෙනි, යමක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. එනම් ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති කෙනෙකුට දෙවිගේ රාජ්‍යයට පිවිසිය නොහැකි බවය.+ එලෙසම දිරා යනසුලු ශරීරයක් ඇති කෙනෙකුට කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය නොහැක.+ 51 ඔබට පරිශුද්ධ රහසක් කියන්න මා කැමතිය. අපි සියලුදෙනාම මරණය නමැති නින්දෙහි සැතපී සිටින්නේ නැත. ඒ වෙනුවට අප සියලුදෙනාව වෙනස් කරනු ලැබේ.+ 52 ඒ වෙනස ඇසිපිය හෙළන සැණින් සිදු වේ. එය සිදු වන්නේ අවසාන හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේදීය. මන්ද ඒ හොරණෑවේ හඬ+ නිකුත් වන විට මිය ගොස් සිටි අයව කිසිදා නොදිරන අය ලෙස නැඟිටුවනු ලබයි. ඒ අවස්ථාවේදී අපවද වෙනස් කරනු ලැබේ. 53 එහෙයින් දිරා යන ශරීරයකින් සිටි තැනැත්තා කිසිදා නොදිරන කෙනෙකු බවට පත් විය යුතුයි.+ එලෙසම මිය යනසුලු තැනැත්තා+ අමරණීය කෙනෙකු බවට පත් විය යුතුයි. 54 එසේ දිරා යන ශරීරයකින් සිටින ඒ තැනැත්තා කිසිදා දිරා නොයන කෙනෙකු බවට පත් වන විටත් මිය යනසුලු ඒ තැනැත්තා අමරණීය කෙනෙකු බවට පත් වන විටත්, “මරණය+ සදහටම ගිල දමනු ලබන්නේය”+ කියා ලියා තිබෙන දේ ඉටු වේ. 55 “මරණය, ඔබේ ජය කොතැනද? මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?”+ 56 මරණයට හේතු වන විෂ තුඩ නම්+ අපගේ පව්කාර ස්වභාවයයි. අපගේ පව්කාර ස්වභාවය කොතරම් දරුණුද කියා පැහැදිලි වන්නේ නීතිය මාර්ගයෙනි.+ 57 නමුත් දෙවිට ස්තුති වේවා! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපට ජය ලබා දෙයි.+
58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+