එෆීස
5 ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න.+ 2 ක්‍රිස්තුස් ඔබට ප්‍රේම කළා සේම+ ඔබත් එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න.+ මන්ද ඔහු ඔබ වෙනුවෙන් තම ජීවිතය දෙවිට පූජාවක් ලෙස ඔප්පු කළේය.+ එය දෙවිට මිහිරි සුවඳක් හා සමානය.+
3 වේශ්‍යාකම*+ ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම+ ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.+ ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.+ 4 එලෙසම කිසිම ලැජ්ජාවක් බියක් නොමැතිව හැසිරීම,+ මෝඩ කතා හෝ අසභ්‍ය+ විහිළු සුදුසු නැත. ඒ වෙනුවට දෙවිට ස්තුති කරමින් සිටින්න.+ 5 වේශ්‍යාකම් කරන කෙනෙකුටවත්+ අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් කෑදරකමින් කටයුතු කරන කෙනෙකුටවත්+ (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව+ ඔබ හොඳින් අවබෝධ කරගෙන සිටිනවාට කිසි සැකයක් නැත.
6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+ 7 එහෙයින් එවැනි අය සමඟ කිසි ලෙසකින්වත් හවුල් නොවන්න.+ 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න. 9 මන්ද ආලෝකයේ ප්‍රතිඵලයක් ලෙස කෙනෙකු තුළ සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම සහ නිර්දෝෂකම දක්නට ලැබේ.+ 10 ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න.+ 11 ඔවුන් සමඟ අන්ධකාරයට සම්බන්ධ+ නිෂ්ඵල ක්‍රියාවල තවදුරටත් හවුල් නොවී+ ඒවා හෙළාදකින්න.+ 12 මන්ද ඔවුන් රහසින් කරන සමහරක් දේවල් ගැන කතා කිරීම පවා පිළිකුලකි.+ 13 ආලෝකය මගින් සෑම නොහොබිනා ක්‍රියාවක් ගැනම පැහැදිලිව හෙළි කරනු ලැබේ.+ එසේ හෙළි කරනු ලබන සෑම දෙයකම සැබෑ තත්වය ආලෝකය මෙන් පැහැදිලිව දැකගත හැක.+ 14 “නිදා සිටින තැනැත්තෙනි, අවදි වන්න.+ මිය ගිය* තැනැත්තෙනි, නැඟිටින්න.+ එවිට ඔබට ක්‍රිස්තුස්ගෙන් ආලෝකය ලැබේ”+ කියා සඳහන් වන්නේ ඒ නිසාය.
15 ඒ නිසා ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න.+ 16 අප නපුරු කාලයක ජීවත් වන නිසා+ ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.*+ 17 එහෙයින් තවදුරටත් අඥාන ලෙස කටයුතු නොකර යෙහෝවා දෙවිගේ කැමැත්ත+ කුමක්ද කියා වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න.+ 18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+ 19 එකිනෙකා සමඟ එකතු වී ගීතිකා+ ගයන්න. දෙවිට ප්‍රශංසා+ ඔප්පු කරමින් ගී ගයන්න.+ එලෙසම ඔබේ මුළු හදවතින්ද යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+ 20 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්, අපගේ දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට සැමවිටම සෑම දෙයක් ගැනම ස්තුති කරන්න.+
21 ක්‍රිස්තුස්ට ගැඹුරු ගෞරවයක් දක්වන අය ලෙස එකිනෙකාට යටත්ව සිටින්න.+ 22 භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි.+ 23 මන්ද ක්‍රිස්තුස් සභාව නමැති ශරීරයේ ගැලවුම්කාරයා සහ හිස වන්නා සේම+ ස්වාමිපුරුෂයාද තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි.+ 24 එලෙසම සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නා සේම භාර්යාවන්ද සියලු කාරණාවලදී තම ස්වාමිපුරුෂයන්ට යටත් විය යුතුයි.+ 25 ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.+ ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.+ 26 ඔහු එසේ කළේ දේවවචනය නමැති වතුරෙන් එය සෝදා පිරිසිදු කර,+ එය ශුද්ධ වූ තත්වයකට පත් කිරීම සඳහාය.+ 27 එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්,+ මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස+ තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය.
28 එයාකාරයෙන්ම ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි. 29 මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.+ එය ක්‍රිස්තුස් සභාව වෙනුවෙන් දක්වන සැලකිල්ලට සමාන සැලකිල්ලක් විය යුතුයි. 30 මන්ද අපි ක්‍රිස්තුස්ගේ ශරීරයට අයත් අවයව වන්නෙමු.+ 31 “එහෙයින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.”+ 32 මා දැන් කතා කරන්නේ ක්‍රිස්තුස් ගැනත් සභාව ගැනත්ය.+ ඇත්තෙන්ම එම පරිශුද්ධ රහස+ ශ්‍රේෂ්ඨය. 33 කෙසේවෙතත් ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි.+ එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක්+ දැක්විය යුතුයි.