යෙරෙමියා
4 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා වෙතට හැරී එන්න.+ මා පිළිකුල් කරන දේවල් ඔබ වෙතින් ඉවත් කරන්න. ඔබ එසේ කළොත්+ ඔබ කිසිදාක අන් දේශයක අසරණ වන්නේ නැත. 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+
3 යෙහෝවා දෙවි යූදාහි වැසියන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ පවසන්නේය. “කටු ගස් අතරේ බීජ නොවපුරා පස හොඳට සකස් කළ බිමෙහි බීජ වපුරන්න.+ 4 යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+ ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.”+
5 මේ ගැන යූදා දේශයේ වැසියන්ට ප්‍රකාශ කරන්න. යෙරුසලමේ වෙසෙන්නන්ටත් දන්වන්න.+ දේශය පුරා හොරණෑ පිඹිමින්+ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. ශබ්ද නඟා මෙසේ පවසන්න. “ඔබ සියලුදෙනාම ආරක්ෂාව තර කර ඇති නුවරවලට එකතු වෙන්න.+ 6 සියොන් දෙසට මඟ පෙන්වන පිණිස සංඥාවක් තබන්න. සුරක්ෂිතව සිටීමට ස්ථානයක් සූදානම් කරගන්න. මේ මඟ පෙන්වීම් නොසලකා නොහරින්න.” මන්ද දෙවි මෙසේ පවසන්නේය. “මම උතුරු දෙසින්+ විපතක්ද මහත් විනාශයක්ද ගෙනෙන්නෙමි. 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+ 8 අපට විරුද්ධව ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස පහව නොගිය නිසා+ ජනයෙනි, ගෝණි රෙදි ඇඳගන්න.+ පපුවට ගසාගනිමින් කෑ මොර ගසන්න.+
9 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ දවසේදී රජද+ පාලකයෝද අධෛර්යයට පත් වන්නෝය. පූජකයෝ භයෙන් වෙවුලන්නෝය. ඒ විනාශය දැක අනාගතවක්තෘවරුද පුදුමයට පත් වන්නෝය.”+
10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+
11 ඒ කාලයේදී යූදා හා යෙරුසලමේ වැසියන්ට මෙසේ කියනු ලැබේ. “මාගේ සෙනඟ වෙතට+ පාළුකරය හරහා වියළි සුළඟක් හමා එන්නේය.+ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒ සුළඟ හමා එන්නේය. 12 ඒ වේගවත් සුළඟ හමා එන්නේ මාගේ අණ පරිදිය. ඔබට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට යන මාගේ විනිශ්චයන් දැන් මම ප්‍රකාශ කරන්නෙමි.+ 13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත. 14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+ 15 විපතක් ගැන ප්‍රකාශ කරන හඬක් දාන් නුවරේ සිටද+ එෆ්‍රායිම් කඳුකරයේ සිටද+ නික්මෙයි. 16 ජනයෙනි, ඒ විපත ගැන ජාතීන්ට පවසන්න. ඒ ගැන යෙරුසලමේ සිටින අයටත් ප්‍රකාශ කරන්න.”
“ඈත එපිට දේශයකින් සතුරු හමුදා පැමිණ+ යූදාහි නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟනු ඇත. 17 යෙරුසලමේ වැසියන් මට විරුද්ධව කැරලිගැසූ නිසා+ කෙතක් මුර කරන රැකවලුන් මෙන් සතුරු හමුදා සෑම පැත්තකින්ම ඇයව වටලන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 18 “ඔබ ක්‍රියා කරන ආකාරය ගැන ඔබට ගණන් දීමට සිදු වෙයි.+ එය ඔබට අමිහිරි අද්දැකීමක් වන බව නිසැකය. කැරලිකාරකම ඔබේ සිත තුළ පැළපදියම් වී ඇති නිසා ඔබට ඒ විපත අත් වන්නේය.”
19 අනේ, මට* දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.+ මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත.+ මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි.+ ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක. 20 හැම පැත්තෙන්ම ආරංචි වන්නේ සිදු වන විනාශය ගැනය. මුළු දේශයම විනාශ වී ගොසිනි.+ මගේ කූඩාරම එක මොහොතින් කැඩී වැටුණේය.+ එහි තිර ඉරී ගියේය. 21 යුද්ධය ගැන අනතුරු අඟවන සංඥාව මට තව කොපමණ කාලයක් දකින්න සිදු වෙයිද? හොරණෑවේ හඬ මට තව කොපමණ කාලයක් අසාගෙන සිටින්න සිදු වෙයිද?+ 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+
23 මා දේශය දෙස බැලූ විට එය හිස්ව, පාළුවට ගොස් තිබිණ.+ අහසින් කිසිම එළියක් නික්මුණේ නැත.+ 24 කඳු දෙස බලන්න! ඒවා සෙලවෙන්නේය. හෙල්ද දෙදරුම් කන්නේය.+ 25 දේශයේ එක මිනිසෙක්වත් අහසේ එක පක්ෂියෙක්වත් සිටියේ නැත.+ 26 පලතුරු වතු දෙස බලන්න! ඒවා පාළුවට ගොසිනි. දේශයේ සෑම නගරයක්ම සුන්බුන් වී ඇත.+ මේ සියල්ල සිදු වුණේ යෙහෝවා දෙවිගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු නිසාය.
27 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා මේ දේශය සම්පූර්ණයෙන්ම විනාශ කරන නිසා+ එය මුළුමනින්ම පාළු වී යනු ඇත.+ 28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+ 29 අසරුවන්ගේද දුනුවායන්ගේද ශබ්දය ඇසී මුළු නගරයේම වැසියෝ පලා යන්නෝය.+ ඔවුන්ට කැලෑවලත් පර්වතවලත් සැඟවී සිටීමට සිදු වෙයි.+ කිසිම නගරයක මිනිස් පුලුටක්වත් දකින්න නොලැබෙයි.”
30 ඔබ රත් පැහැති වස්ත්‍ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්‍රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+ 31 රෝගාතුරව කෙඳිරිගාන ස්ත්‍රියකගේ හඬක් මට ඇසේ. ඒ හඬ තම කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක වේදනාවෙන් නඟන හඬට සමානය.+ ඒ හඬ සියොන් දියණිය තම පණකෙන්ද රැකගන්න අමාරුවෙන් හුස්ම ගන්නා හඬයි. ඇය තම දෑත් දිගු කරමින්,+ “අනේ මට සිදු වුණ දේ බලන්න! මාව මරා දමන්න සොයන අයගෙන් මට කිසි ගැලවීමක් නැහැ”+ කියා කියන්නීය.