ගීතාවලිය
මස්කිල්. ආසාෆ් රචනා කළ ගීතයකි.+
2 ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+
අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+
3 ඒවා අප අසා ඇති, හොඳින් දන්නා කාරණාය.+
අපේ පියවරුන් ඒවා අපට පවසා තිබේ.+
4 අපි ඒවා අපේ පුත්‍රයන්ගෙන්ද නොසඟවා,+
මතු පරම්පරාවට කියා දෙන්නෙමු.+
යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැනත් ඔහුගේ ශක්තිය ගැනත්+
ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැනත් අපි ඔවුන්ට පවසන්නෙමු.+
5 ඔහු යාකොබ්ට සිහිගැන්වීම් ලබා දුන්නේය.+
ඊශ්‍රායෙල්ට නීතිය ලබා දුන්නේය.+
ඒවා තමන්ගේ පුත්‍රයන්ට දන්වන ලෙස+
ඔහු අපේ මුතුන්මිත්තන්ට අණ කළේය.+
6 එසේ කළේ, මතු පරම්පරාව ඒවා දැනගෙන+
ඔවුන්ද ඔවුන්ගේ දරුවන්ට ඒවා කියා දෙන පිණිසය.+
8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+
ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+
මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+
අදිටන් කර නොගත් පරම්පරාවකි.+
13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+
මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+
14 ඔහු දහවල් කාලයේදී වලාකුළක් මාර්ගයෙන්ද+
රාත්‍රි කාලයේදී ගිනි ජාලාවක් මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය.+
15 ඔහු පාළුකරයේ පර්වත දෙබෑ කර මහා ජල කන්දරාවක් එයින් ගලා ඒමට සැලැස්වූවේය.+
ඔවුන්ට ඇති තරම් බීමට අවශ්‍ය ජලය ලබා දුන්නේය.+
16 ගලා එන ඇල පාරක් සේ ඔහු පර්වතයකින් ජලය ගලා ඒමට සැලැස්වූවේය.+
ගංගාවක දිය ගලා එන්නා සේ එයින් ජලය නික්මෙන්න සැලැස්වූවේය.+
17 මහෝත්තම දෙවි ඒ සියල්ල කළත් ඔවුහු පාළුකරයේදී ඔහුට විරුද්ධව කැරලිගසා+
තව තවත් පව් කළෝය.+
18 ඔවුහු කෑදර ලෙස කෑම ඉල්ලමින්,+
දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා පරීක්ෂා කළෝය.+
19 ඔවුහු දෙවිට විරුද්ධව කතා කළෝය.+
“මේ පාළුකරයේ අපට අවශ්‍ය කරන කෑම ලබා දෙන්න දෙවිට පුළුවන්ද” කියා ඇසුවෝය.+
20 නමුත් බලන්න! ඔහු පර්වතයකට ගැසුවේය.+
එවිට වතුර ගලා ආවේය. මහා ජල කඳක් පිටතට ආවේය.+
නමුත් ඔවුහු මෙසේ ඇසුවෝය. “අපට අවශ්‍ය කෑම ලබා දෙන්නවත්+
ඔහුගේ සෙනඟව පෝෂණය කරන්නවත් ඔහුට පුළුවන්ද?”+
21 එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+
යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+
ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+
27 වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+
කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+
30 නමුත් කෑමට තිබූ ඔවුන්ගේ ලොල්කම තව තවත් වැඩි වුණේය.
ඔවුන්ගේ මුවේ කෑම තිබියදීම+
31 දෙවි ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට පහර දුන්නේය.+
ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි ශක්තිසම්පන්න අයව මරා දැමුවේය.+
තරුණයෝද මැරී වැටුණෝය.
32 මේ සෑම දෙයක්ම දැක දැකත් ඔවුහු දිගින් දිගටම පව් කළෝය.+
ඔහු කළ පුදුමාකාර දේවල් කෙරෙහි ඔවුහු විශ්වාසය තැබුවේ නැත.+
33 එබැවින් ගසාගෙන යන සුළඟක් මෙන් ඔවුන්ගේ ජීවිත අවසන් වී යෑමට ඔහු සැලැස්වූවේය.+
ඔවුන්ගේ දිවි බියෙන් ගෙවී ගියේය.
34 ඔහු ඔවුන්ට පහර දුන් සෑම අවස්ථාවකදීම ඔවුහු ඔහුගේ උපකාර පැතුවෝය.+
දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවෝය.+
35 මහෝත්තම දෙවි ඔවුන්ගේ පර්වතය බව ඔවුන්ට සිහි විය.+
ගැලවීම සලසා දෙන තැනැත්තා ඔහු බව ඔවුන්ට මතක් විය.+
38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+
බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+
ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය.
40 නමුත් ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද!+
කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!+
41 ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළෝය.+
ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළෝය.+
42 ඔහු ඔවුන්ව සතුරාගෙන් ගලවාගත් ආකාරය ඔවුන්ට සිහි නොවීය.+
ඔවුන් වෙනුවෙන් ඔහු තම බලය යොදාගෙන ක්‍රියා කළ හැටි ඔවුහු අමතක කළෝය.+
43 ඔහු ඊජිප්තු දේශයේ කළ බලවත් ක්‍රියා+
එනම්, ෂොවන් භූමියේ කළ ආශ්චර්යයන් ඔවුන්ගේ මතකයෙන් මැකී ගියේය.+
44 ඔහු නයිල් ගඟේ සියලු අතු ගංගා ලේ දහරා බවට පත් කරමින්+
ඊජිප්තු වැසියන්ව පිපාසයෙන් තැබුවේය.+
46 කැරපොත්තන් එවා ඔවුන්ගේ පලදාව විනාශ කළේය.
ඔවුන් වෙහෙස මහන්සියෙන් සකසාගත් වගාබිම් පළඟැටියන්ට භාර කළේය.+
48 එම හිම කැට වර්ෂාවෙන් ඔවුන්ගේ සතුන්වද විනාශ කර දැමුවේය.+
ඔවුන්ගේ එළු බැටළු රැළවල් වසංගතයකට ගොදුරු කළේය.
49 ඔහු දැවෙන උදහසකින් ඔවුන්ට පහර දුන්නේය.+
ඔහුගේ කෝපය ඔවුන් පිට වගුරුවමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+
දේවදූත සේනාවන් එවා ඔවුන් පිටට විපත්ති ගෙනාවේය.+
50 ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+
ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.
ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+
51 අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+
හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+
52 ඔහු තම සෙනඟව බැටළු රැළක් මෙන් පිටතට ගෙනාවේය.+
පාළුකරයේදී බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් ඔවුන්ට මඟ පෙන්වූවේය.+
53 ඔහු ඔවුන්ව සුරක්ෂිතව ගෙන ගියේය. ඔවුන්ට කිසි භීතියක් නොදැනුණේය.+
මහ මුහුද ඔවුන්ගේ සතුරන්ව ගිලගත්තේය.+
55 ඔවුන්ගේ ඇස් පනාපිටම දේශයේ විසූ ජනයාව ඔහු ක්‍රමක්‍රමයෙන් ඉවත් කළේය.+
ඔහු ඉඩම් මැන ඔවුන්ට උරුමයක් වශයෙන් ඒවා බෙදා දුන්නේය.+
ඔහු සෑම ඊශ්‍රායෙල් ගෝත්රයකටම ඉඩමක් බැගින් දුන්නේය.+
56 නමුත් ඔවුහු මහෝත්තම දෙවිගේ ඉවසීම නැවතත් පරීක්ෂාවට ලක් කරමින් ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+
ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු නොවුණෝය.+
57 ඔවුහු නැවත නැවතත් දෙවිව අත්හැර ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් ඔහුට ද්‍රෝහි වුණෝය.+
ඔවුහු, ලණුව ළිහිල් වූ දුන්නක් මෙන් කිසිම විශ්වාසයක් තැබිය නොහැකි සෙනඟක් බවට පත් වූවෝය.+
65 යෙහෝවා දෙවි, නින්දකින් අවදි වන්නාක් මෙන් පිබිදුණේය.+
වයින්වලින් මත් වූ බලවන්තයෙක් නැවත පියවි සිහියට පැමිණෙන්නාක් මෙන් ඔහු අවදි වුණේය.+