යෙරෙමියා
50 අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි බැබිලෝනිය ගැනද+ එනම්, කල්දිවරුන්ගේ දේශය ගැනද+ අනාවැකි පැවසුවේය. ඔහු පැවසුවේ මෙයයි. 2 “ජනයෙනි, සංඥාවක් ඔසවා+ මෙය සියලු ජාතීන් අතරේ දැනුම් දෙන්න.+ ‘බැබිලෝනිය යටත් කරගෙන ඇත.+ බෙල්* මහත් සේ ලැජ්ජාවට පත් විය.+ මෙරොදක් බියෙන් වෙවුලන්නේය. බැබිලෝනියේ දේවතා රූප සියල්ල නින්දාවට පත්ව ඇත.+ ඇගේ පිළිකුල්සහගත රූප සියල්ල තැතිගෙන ඇත.’ මේ කිසිවක් නොසඟවා සිදු වූ දේ සියල්ලන්ට ප්‍රකාශ කරන්න. 3 බැබිලෝනියට පහර දීමට උතුරු දෙසින් ජාතියක් පැමිණ ඇත.+ ඒ ජාතිය සියල්ලන්ව පුදුමයට පත් කරවමින් බැබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු කර දමන්නේය.+ බැබිලෝනියේ වැසියෝද ඔවුන්ගේ සත්තුද දේශය අත්හැර පලා ගොස් ඇත.+ ඔවුන්ගෙන් කිසිවෙක් එහි නැත.”+
4 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී+ ඊශ්‍රායෙල්වරු යුදෙව්වරුන් සමඟ එකට එකතු වී+ කඳුළු සලමින්+ නැවත පැමිණෙනු ඇත. ඔවුහු තම දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතනු ඇත.+ 5 සියොන් වෙතට යන මාර්ගය විමසමින් ඔවුහු ඒ දෙසට ගමන් කරන්නෝය.+ ‘අපි යෙහෝවා දෙවි සමඟ සදාතනික ගිවිසුමකට ඇතුල් වෙමු. ඒ ගිවිසුම නැවත කිසිදාක අමතක නොකිරීමට අධිෂ්ඨාන කරගමු’+ යයි කියමින් ඔවුහු සියොන් දෙසට ගමන් කරති. 6 මාගේ සෙනඟ සිටියේ නාස්ති වී යන බැටළු රැළක් මෙනි.+ ඔවුන්ගේ එඬේරු ඔවුන්ව රැකබලා ගන්නවා වෙනුවට ඔවුන්ට මංමුළා වීමට ඉඩහැරියෝය.+ ඔවුහු කඳු අතරේ ඉබාගාතෙ සැරිසැරුවෝය.+ අන්තිමේදී ඔවුන්ගේ සුරක්ෂිත වාසස්ථානය ඔවුන්ට අමතක වී ගියේය.+ 7 එසේ සැරිසරන විට ඔවුන්ව මුණගැසුණු සියල්ලෝ ඔවුන්ව ගොදුරක් කරගත්තෝය.+ ඔවුන්ව ගොදුරු කරගත් ඔවුන්ගේ සතුරෝ, එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය.+ ‘ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා දෙවිට විරුද්ධව එනම්, ඔවුන්ගේ මුතුන්මිත්තන් බලාපොරොත්තු තැබූ+ යෙහෝවා දෙවිට විරුද්ධව ඔවුහු පව් කළෝය.+ ඒ නිසා අප ඔවුන්ට මොන දේ කළත් අප කරන්නේ වරදක් නොවෙයි.’”+
8 “සෙනඟෙනි, බැබිලෝනියෙන් ඉවත්ව යන්න. රැළේ ඉදිරියෙන් යන එළු බැටළුවන් මෙන්+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා යන්න.+ 9 බැබිලෝනියට විරුද්ධව සටන් කිරීමට මම උතුරු දෙසින් බලවත් ජාතීන් සමූහයක් රැගෙන එන්නෙමි.+ ඔවුහු ඇයව වටලා පහර දී+ ඇයව යටත් කරගනු ඇත.+ දක්ෂ දුනුවායන් මෙන් සටන් කරන ඔවුන්ගේ ඉලක්කය කවදාවත් වරදින්නේ නැත.+ ඔවුන්ගේ ඊපහර වැදීමෙන් මිය යන දරුවන්ගේ දෙමාපියෝ මහත් වේදනාවක් අද්දකිනු ඇත. 10 ඔවුහු තෘප්තිමත් වන තුරුම+ කල්දිවරුන්ගේ දේශය කොල්ල කනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
11 “ජනයෙනි, ඔබ මාගේ උරුමය කොල්ල කෑවේ මහත් ප්රීතියකිනි.+ ඔබ ප්‍රීති වූයේ ළා තණ නිල්ල පාගමින් එහෙ මෙහෙ පැන දුවන වැස්සියක ලෙසිනි.+ ප්‍රීතියෙන් හේෂාරාවය නඟන අශ්වයන් මෙනි.+ 12 එබැවින් ඔබේ මව් මහත් සේ ලැජ්ජාවට පත්ව සිටින්නීය.+ ඔබව බිහි කළ තැනැත්තියගේ බලාපොරොත්තු සියල්ල සුන් වී ගොසිනි.+ ඇය දිය පොදක් නැති පාළු කාන්තාරයක් මෙනි.+ ඇය දැන් ජාතීන් අතරේ පහත්ම තැනැත්තිය වී සිටින්නීය. 13 යෙහෝවා දෙවිගේ උදහස ඇය පිටට පැමිණි නිසා ඇයට නැවත කිසිදාක ජනාවාස වූ නගරයක් බවට පත් වීමට නොහැකි වනු ඇත.+ මුළු නගරයම නටබුන් බවට පත් වන්නේය.+ බැබිලෝනිය පසු කර යන සියලුදෙනා ඇයට සිදු වූ මේ මහත් විපත දෙස දෑස් අයා බලා සිටිනු ඇත. පීඩා නිසා ඇද වැටුණු ඇයට ඔවුහු සරදම් කරන්නෝය.+
14 “දුනුවායෙනි,+ යුද්ධයට සැරසෙන්න. බැබිලෝනිය වට කර,+ අන්තිම ඊගස දක්වාම ඇයට පහර දෙන්න.+ මන්ද ඇය පව් කර ඇත්තේ යෙහෝවා දෙවිට විරුද්ධවය.+ 15 ඇයව වට කර ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.+ ඇගේ අතිදැවැන්ත කුලුනු බිඳ වැටුණේය. ඈ වට කර තිබූ පවුරු දෙදරා ගියේය.+ යටත් වෙනවා හැරෙන්න ඇයට කිරීමට වෙන කිසිවක් නොතිබුණේය. එය ඇයට යෙහෝවා දෙවිගෙන් ලැබුණු දඬුවමය.+ එබැවින් ඇයට දඬුවම් කරන්න. ඇය අන් අයට කළ ලෙසම දැන් ඇයටත් කරන්න.+ 16 බැබිලෝනියේ බීජ වපුරන්නාවත් අස්වැන්න නෙළන්නාවත් විනාශ කර දමන්න.+ ඇයට පහර දීමට පැමිණෙන මාරාන්තික කඩුවට භයෙන් සියලුදෙනා ඇයව අත්හැර තමන්ගේ දේශයට එනම්, තම සෙනඟ වෙතට පලා දුවන්නෝය.+
17 “ඊශ්‍රායෙල් සිටියේ මංමුළා වූ බැටළුවෙකු මෙනි.+ ඒ බැටළුවා පසුපස සිංහයෝ ලුහුබැඳ ගියෝය.+ මුලින්ම ඒ බැටළුවා ඇසිරියාවේ රජුගේ ගොදුරක් බවට පත් විය.+ ඉන්පසු බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඒ බැටළුවාව අල්ලාගෙන උගේ ඇටකටු පවා හපා පොඩි කර දැමුවේය.+ 18 එබැවින් ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මම ඇසිරියාවේ රජුට දඬුවම් කළ ලෙසම බැබිලෝනියේ රජුටත් ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි.+ 19 බැටළුවෙකුව සිටි ඊශ්‍රායෙල්ව මම යළිත් ඔහුගේ තණබිමට ගෙනෙන්නෙමි.+ එවිට ඔහුට කර්මෙල්+ හා බාෂාන්හි+ සැරිසරමින් හිතේ හැටියට තණ කෑමට හැකි වන්නේය. එෆ්‍රායිම්+ හා ගිලියද්+ කඳුකරයේ ඔහු සුවසේ වාසය කරන්නේය.’”
20 “මාගේ කරුණාව ලැබ ඉතුරු වූ සියලු ඊශ්‍රායෙල්වරුන්ගේ හා යුදෙව්වරුන්ගේ පව්වලට+ ඒ කාලයේදී මම සමාව දෙන්නෙමි.+ ඒ කාලයේදී+ යමෙකු ඔවුන් අතීතයේ කළ වැරදි සෙව්වත්+ ඔවුන්ට විරුද්ධව කිසි වරදක් හෝ පාපයක් හෝ සොයාගැනීමට ලැබෙන්නේ නැත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.
21 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මෙරතායිම් දේශයටත්+ පෙකොඩ්හි වැසියන්ටත්+ විරුද්ධව පැමිණ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න. මා ඔබට අණ කරන ලෙසම කරන්න.+ 22 යුධ ඝෝෂාවේ හා විනාශයේ හඬ දේශය සිසාරා පැතිරී ගොස් ඇත.+ 23 බලවත් බැබිලෝනිය, ඔබ කුළු ගෙඩියක් මෙන්+ මුළු ලොවටම පහර දුන්නහුය. නමුත් කුමක්ද ඔබට සිදු වුණේ? ශක්තිමත් කුළු ගෙඩියක්ව සිටි ඔබ කැඩී බිඳී ගියහුය.+ ඔබට සිදු වූ දේ සියලු ජාතීන්ට පුදුමයකි.+ 24 අහෝ බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වෙමි. ඔබත් නොදැනුවත්වම ඒ උගුලට හසු විය.+ ඔබ එලෙස හසු වූයේ යෙහෝවා දෙවිට විරුද්ධව ඔබ මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසාය.+
25 “යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන ආයුධ, ගබඩාවෙන් පිටතට ගෙන ඇත.+ මන්ද විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිට කල්දිවරුන්ගේ දේශයෙහි කාර්යයක් කිරීමට තිබේ.+ 26 දුර ඈත වෙසෙන්නෙනි, ඇය වෙතට පැමිණ+ ඇගේ ගබඩාවලින් ධාන්‍ය සියල්ල පිටතට ගන්න.+ ඈ සතු සියල්ල කඩා බිඳ දමා ධාන්‍ය ගොඩගසන්නාක් මෙන් ඒවා ගොඩගසන්න.+ ඇය තුළ සිටින කිසිවෙකු ඉතුරු නොකර+ ඇයව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න.+ 27 ඇගේ තරුණ වස්සන්ව මරා දමන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන්ට දඬුවම් දෙන දවස පැමිණ තිබේ.+ එබැවින් ඔවුන්ට අත් වන විපත මොන තරම් දරුණුද!
28 “මේ ඇසෙන්නේ බැබිලෝනියෙන් ගැලවී පලා යන අයගේ හඬය!+ ඔවුන් පිටත්ව යන්නේ තම දේවමාලිගාවට කළ විනාශය නිසා+ අපේ දෙවි වන යෙහෝවා බැබිලෝනිවරුන්ට දුන් දඬුවම ගැන සියොන්හි ප්‍රකාශ කිරීමටය.+
29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+ 30 ඇගේ තරුණයෝ මැරුම් කා මංසන්ධිවල ඇද වැටෙන්නෝය.+ ඒ දවසේදී ඇගේ සියලු යුධ භටයෝද නිසලව වැටී සිටින්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
31 “අහංකාරකමින් වැජඹෙන බැබිලෝනිය,+ මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි”+ කියා විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි පවසන්නේය. “මා ඔබට දඬුවම් කරන දවස අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. 32 අහංකාරයෙන් ඉදිමී සිටින ඔබ එදාට බිම ඇද වැටෙනු ඇත.+ ඔබට අත දීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.+ ඔබේ නගර තුළ මම ගින්නක් අවුළුවන්නෙමි. ඒ ගින්නෙන් මුළු දේශයම විනාශ වී යන්නේය.”+
33 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල්වරුන් හා යුදෙව්වරුන් යන දෙපිරිසම පීඩා විඳිති. ඔවුන්ව වහල්කමට ගත් අය ඔවුන්ට කිසි නිදහසක් නොදී+ ඔවුන්ව තම අණසක යටතේම තබාගෙන සිටිති.+ 34 නමුත් ඔවුන්ගේ ගැලවුම්කරු ඉතා බලසම්පන්නය.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන්ය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර+ ඔවුන්ගේ දේශයට සාමය ගෙන දෙන්නේය.+ නමුත් ඔහු බැබිලෝනියේ වැසියන්ව කලඹවා ඔවුන්ව වියවුල් කරන්නේය.”+
35 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කල්දිවරුද+ බැබිලෝනියේ වැසියෝද+ ඔවුන්ගේ අධිපතීහුද+ ප්‍රඥාවන්තයෝද+ කඩුවෙන් පහර කනු ඇත. 36 නිෂ්ඵල කතා කියන්නෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා අඥාන ලෙස ක්‍රියා කරනු ඇත.+ ඇගේ බලවන්තයෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා භීතියෙන් වෙවුලන්නෝය.+ 37 ඔවුන්ගේ අශ්වයෝද+ යුධ රථද බැබිලෝනියේ සිටින විවිධ ජාතීහුද+ ඒ ප්‍රහාරයට ගොදුරු වන්නෝය. ඔවුහු ස්ත්‍රීන් මෙන් දුර්වල වන්නෝය.+ ඇගේ වස්තු සම්භාරයද+ කොල්ල කනු ඇත. 38 ඇගේ ජල ධාරාවෝද පහර කනු ඇත. එබැවින් ඒවා සිඳී යන්නේය.+ මන්ද බැබිලෝනිය දේවතා රූපවලින් පිරුණු දේශයක්ය.+ එහි සෙනඟ බියකරු දර්ශන දැක උමතුවෙන් හැසිරෙති. 39 එබැවින් ඇය මනුෂ්‍ය වාසයක් නැති පාළු තැනක් බවට සදහටම පත් වන්නීය.+ ජලය නැති පාළු තැන්වල සැරිසරන සත්තුද හිවලුද පැස්බරුද ඇය තුළ ලැගුම් ගනු ඇත.”+
40 “දෙවි සොදොම් සහ ගොමෝරාද+ ඒ අවට තිබූ නගරද+ සහමුලින්ම විනාශ කර දැමූ පසු කිසි මිනිසෙකු එහි වාසය නොකළාක් මෙන් ඇය තුළත් කිසි මිනිසෙක් නැවත වාසය කරන්නේ නැත. විදේශිකයෙකු ලෙස ජීවත් වීමටද කිසිවෙක් පැමිණෙන්නේ නැත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
41 “බලන්න! උතුරු දේශයෙන් සෙනඟක් පැමිණෙන්නෝය. පොළොවේ දුර ඈත ප්‍රදේශවලින්+ බලවත් ජාතියක්ද+ ශ්‍රේෂ්ඨ රජවරුද+ ඇයට විරුද්ධව නැඟී එන්නෝය. 42 දුනු හා හෙල්ල අතැතිව පැමිණෙන ඔවුහු+ කිසිම දයාවක් නොපෙන්වා කුරිරු ලෙස ඇයට පහර දෙනු ඇත.+ අශ්වයන් පිට නැඟී එන+ ඔවුන්ගේ ශබ්දය කැලඹුණු මුහුදේ ඝෝෂාකාරී හඬට සමානය.+ බැබිලෝනීය දියණිය, ඔවුන් එක්සත්ව එසේ පැමිණෙන්නේ ඔබට විරුද්ධව යුද්ධ කිරීමටය.+
43 “ඔවුන්ගේ පැමිණීම ගැන දැනගත් බැබිලෝනියේ රජ+ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ විය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් ඔහුටත් දැනිණ.+
44 “යොර්දාන් ගඟ අසල තිබෙන වනළැහැබේ සිට සිංහයෙකු, ඉතා සුව සේ වෙසෙන බැටළුවන්ගෙන් පිරි තණබිමකට කඩාපනින්නාක් මෙන් එක්තරා තැනැත්තෙක් බැබිලෝනිය වෙතට පැමිණෙන්නේය.+ ඒ සමඟම මම බැබිලෝනිවරුන්ට තම දේශය අත්හැර පලා දිවීමට සලස්වන්නෙමි.+ ඉන්පසු මම තෝරාගත් තැනැත්තාට බැබිලෝනිය භාර දෙන්නෙමි.+ මා කිරීමට යන දේට අභියෝග කළ හැකි කෙනෙක් සිටීද?+ මට විරුද්ධව කිසිම නායකයෙකුට නැඟී සිටිය හැකිද?+ මට සමාන කෙනෙක් තවත් සිටීද?+ 45 ජනයෙනි, බැබිලෝනියට විරුද්ධව+ යෙහෝවා දෙවි ගෙන ඇති තීරණයට ඇහුම්කන් දෙන්න.+ කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව ඔහු අරමුණු කළ දේට සවන් දෙන්න.+ වනමෘගයෙකු පැමිණ බැටළු පැටවුන්ව ඇදගෙන යන්නාක් මෙන් ඔවුන්වත් ඇදගෙන යනු ලැබේ.+ ඔවුන් කළ දේවල් නිසා ඔහු ඔවුන්ගේ තණබිම් සියල්ල පාළු කර දමන්නේය.+ 46 බැබිලෝනියේ වැටීමේ ශබ්දය නිසා පොළොව දෙදරා යන්නේය.+ ඔවුන්ගේ හැඬීමේ ශබ්දය සියලු ජාතීන්ටද ඇසෙන්නේය.”+