א [ආලෙෆ්]
119 යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින,+
නිර්දෝෂ අය සන්තෝෂවත්ය.+
2 ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අය සන්තෝෂවත්ය.+
ඔවුහු මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නෝය.+
3 කිසි අධර්මිෂ්ඨ ක්‍රියාවකට ඔවුහු හවුල් නොවුණෝය.+
දෙවිගේ මඟෙහි ඔවුහු ගමන් කළෝය.+
4 ඔබේ අණපනත්වලට කීකරු වන ලෙස+
ඔබ අපට අණ කළෙහිය.+
5 ඔබේ නියෝග පිළිපැදීමට+ මම අදිටන් කරගතිමි.+
මාගේ ඒ අදිටන කිසි දිනක නොවෙනස් වේ නම් මොන තරම් යහපත්ද!
6 ඔබේ සියලු ආඥා සැලකිල්ලට ගෙන මා ක්‍රියා කළොත්+
කිසිවිටක මම ලැජ්ජාවට පත් නොවනු ඇත.+
7 ඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන මම ඉගෙනගන්නෙමි.+
එවිට අවංක සිතින් ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන්නේය.+
8 දෙවියනි, මාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් නොවන්න.+
ඔබේ නියෝග මම දිගටම පිළිපදින්නෙමි.+
ב [බ්ත්]
9 තරුණයෙකුට පිරිසිදු ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?+
තමන්ගේ සෑම ක්‍රියාවක්ම ඔබේ ආඥාවන්ට එකඟද කියා සෝදිසි කර බැලීමෙනි.+
10 මාගේ මුළු හදවතින්ම මම ඔබේ මඟ පෙන්වීම් පැතුවෙමි.+
ඔබේ ආඥාවලට පිටු පා ක්‍රියා කිරීමට මට ඉඩ නොදෙන්න.+
11 මා අතින් පාපයක් සිදු නොවන පිණිස+
ඔබේ වදන් මාගේ සිතේ නිදන් කරගත්තෙමි.+
12 යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!
ඔබේ නියෝග මට උගන්වන්න.+
13 ඔබ දුන් සියලු තීන්දු+
මම ප්‍රකාශ කළෙමි.+
14 සෑම වටිනා දෙයකින්ම ලබන සතුටට වඩා සතුටක්+
ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වීමෙන් මම අද්දකින්නෙමි.+
15 ඔබේ අණපනත් නිරතුරුවම සිහි කරන්නෙමි.+
ඔබේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන්නෙමි.+
16 ඔබේ පනත්වලට ඇලුම් වන්නෙමි.+
ඔබේ වදන් කිසිදා අමතක නොකරන්නෙමි.+
ג [ගීමෙල්]
17 මාගේ ජීවිතය රැකෙන පිණිස මා වෙනුවෙන් යහපත කරන්න.+
එවිට ඔබේ සේවකයා වන මට ඔබේ වදන්වලට කීකරු වීමට හැකි වන්නේය.+
18 ඔබේ නීතියේ ඇතුළත් වටිනා කාරණා දෙස බැලීමට හැකි වන පිණිස+
මාගේ දෙනෙත් විවර කරන්න.+
19 මා දේශයේ තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+
ඔබේ ආඥා මාගෙන් සඟවා නොගන්න.+
20 ඔබේ තීන්දු දැනගැනීමට+
මම නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+
21 ඔබේ ආඥාවලට කීකරු නොවන+
ශාප ලත්, උඩඟු තැනැත්තන්ට ඔබ තරවටු කළෙහිය.+
22 මා ඔබේ සිහිගැන්වීම්වලට අවනත වූ නිසා+
මා අද්දකින නින්දා අපහාස මාගෙන් ඉවත් කරන්න.+
23 මට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමට අධිපතීහුද රැස් වූහ.+
නමුත් ඔබේ සේවකයා වන මා කල්පනා කළේ ඔබේ නියෝග ගැන පමණය.+
24 ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි.+
ඒවා මාගේ උපදේශකයන් මෙන් මට මඟ පෙන්වන්නේය.+
ד [දාලෙත්]
25 මාගේ හුස්ම නවතින තරමටම මම මහත් වේදනාවකින් පසු වූවෙමි.+
ඔබ පොරොන්දු වූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+
26 මාව නිවැරදි මාර්ගයේ ගෙන යෑමට හැකි වන පිණිස මම මාගේ සෑම ක්‍රියාවක් ගැනම ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි.+
දෙවියනි, ඔබේ නියෝග ගැන මට උගන්වන්න.+
27 ඔබේ අණපනත්වලින් දෙන මඟ පෙන්වීම් තේරුම්ගැනීමට මට උපකාර කරන්න.+
එවිට ඔබ කළ පුදුමසහගත ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කිරීමට මට හැකි වන්නේය.+
28 නින්ද නොයන තරමටම මම දැඩි වේදනාවකින් සිටිමි.+
ඔබ පැවසූ ලෙස මාව ශක්තිමත් කරන්න.+
29 වැරදි මාර්ගයේ යෑමට මට ඉඩ නොදෙන්න.+
කරුණාව පෙන්වා ඔබේ නීතිය මට උගන්වන්න.+
30 මම විශ්වාසවන්තව ක්‍රියා කිරීමට අදිටන් කරගත්තෙමි.+
ඔබ දුන් තීන්දු සාධාරණ බව මම දුටුවෙමි.+
31 ඔබ දුන් සිහිගැන්වීම්වලට එකඟව මම ක්‍රියා කළෙමි.+
යෙහෝවා දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
32 මම ඔබේ ආඥා ඉතා උනන්දුවෙන් පිළිපදින්නෙමි.+
මන්ද ඒවා තේරුම්ගැනීමට හැකි හදවතක් ඔබ මට ලබා දුන්නෙහිය.+
ה [හ්]
33 යෙහෝවා දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+
එවිට දිවි ඇති තුරා ඒවා පිළිපැදීමට මට හැකි වන්නේය.+
34 ඔබේ නීතිය පිළිපදින පිණිස මට එය තේරුම්ගැනීමට උපකාර කරන්න.+
එවිට මාගේ මුළු හදවතින්ම මම ඒවාට කීකරු වෙමි.+
35 ඔබේ ආඥාවලට අනුව ජීවිතය ගත කිරීමට මට උපකාර කරන්න.+
මන්ද ඔබේ ආඥා පිළිපැදීමෙන් මම මහත් සතුටක් ලබන්නෙමි.+
36 මාගේ සිත ලාභ ලබාගැනීමේ අරමුණ වෙතට යොමු නොකර+
ඔබේ සිහිගැන්වීම් වෙතට යොමු කරන්න මට උදව් කරන්න.+
37 කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.+
මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.+
38 ඔබේ සේවකයා තුළ ඔබ කෙරෙහි ගරුබියක් ඇති වන පිණිස+
ඔබ දුන් පොරොන්දුව ඉටු කරන්න.+
39 මා විඳින නින්දා අපහාසයන් මා වෙතින් පහ කර දමන්න. ඒවා නිසා මම මහත් වේදනාවෙන් සිටිමි.+
ඔබේ තීන්දු සාධාරණය.+
40 ඔබේ අණපනත්වලට මම බොහෝ සෙයින් ආශා වෙමි.+
ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මාගේ ජීවිතය රැක දෙන්න.+
ו [වාව්]
41 යෙහෝවා දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය මට පෙන්වන්න.+
ඔබ පොරොන්දු වූ පරිදි මාව ගලවාගන්න.+
42 එවිට මට නින්දා කරන්නාට පිළිතුරු දීමට මට හැකි වනු ඇත.+
ඔබේ වදන් කෙරෙහි මම විශ්වාසය තබා සිටිමි.+
43 සත්‍ය වදන් පැවසීමෙන් වැළකී සිටීමට මට ඉඩ නොදෙන්න.+
ඔබේ තීන්දුව ලැබෙන තෙක් මම බලා සිටින්නෙමි.+
44 ඔබේ නීතිය මම සැමදා පිළිපදින්නෙමි.+
සදාකාලයෙන් සදාකාලයටම මම ඊට එකඟව ක්‍රියා කරන්නෙමි.+
45 ඔබේ අණපනත්වලට කීකරු වීමට මම උත්සාහ කරන නිසා+
මම දැන් සුරක්ෂිතව, නිදහසේ දිවි ගෙවන්නෙමි.+
46 ඔබ දුන් සිහිගැන්වීම් ගැන රජවරුන් ඉදිරියේ පවා මම කතා කරන්නෙමි.+
එසේ කිරීමට මම කිසිවිටක ලැජ්ජා නොවෙමි.+
47 මම ඔබේ ආඥාවලට ඇලුම් කරමි.+
ඒවාට බොහෝ සෙයින් ප්‍රිය වෙමි.+
48 ඔබේ ආඥා කෙරෙහි මට තිබෙන ගෞරවය කොතරම්ද කියා මාගේ දෑත් ඔසවා මම ඔබට පවසන්නෙමි. මම ඒවාට සැබවින්ම ඇලුම් කරමි.+
ඔබේ නියෝග ගැන මම ගැඹුරින් කල්පනා කරන්නෙමි.+
ז [ෂායින්]
49 ඔබේ සේවකයාට ඔබ දුන් පොරොන්දුව අමතක නොකරන්න.+
මන්ද එය ඉටු වන තෙක් මම බලා සිටින්නෙමි.+
50 දුකේදී මාගේ එකම සැනසීම එයයි.+
මන්ද ඔබේ වදන් මාගේ ජීවිතය ආරක්ෂා කර දුන්නේය.+
51 අහංකාර අය මට සමච්චල් කරමින් මාව හෙළාදුටුවත්+
මම ඔබේ නීතියෙන් කිසිවිටක ඈත් නොවුණෙමි.+
52 යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ සිට පැවතෙන ඔබේ තීන්දු මම සිහි කරන්නෙමි.+
එයින් මට මහත් සහනයක් ලැබෙන්නේය.+
53 දුෂ්ටයන් ඔබේ නීතිය කඩ කරන විට+
මා තුළ අධික කෝපයක් ඇති වන්නේය.+
54 නුහුරු දේශයක මා ජීවත් වන විට,+
ඔබේ නියෝග මට මිහිරි සංගීතයක් මෙන් විය.+
55 යෙහෝවා දෙවියනි, රාත්‍රි කාලයේදී පවා මම ඔබේ නාමය ගැන සිහි කළෙමි.+
එවිට ඔබේ නීතිය පිළිපැදීමට මට හැකි වන්නේය.+
56 මා ඔබේ අණපනත්වලට කීකරු වූ නිසා
ඒ සියල්ල මම අද්දැක්කෙමි.+
ח [ච්ත්]
57 යෙහෝවා දෙවිට මා කරන සේවය මාගේ උරුමයයි.+
දෙවියනි, ඔබේ වදන් පිළිපැදීමට මම පොරොන්දු වුණෙමි.+
58 ඔබේ අනුමැතිය දිනාගැනීමට මම උත්සාහ කළෙමි. මම මුළු හදවතින්ම එසේ කළෙමි.+
ඔබ පොරොන්දු වූ ලෙස මට කරුණාව පෙන්වන්න.+
59 ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වීමට නැවතත් මට හැකි වන පිණිස+
මාගේ ජීවිත රටාව ගැන මම බැරෑරුම්ව කල්පනා කළෙමි.+
60 ඔබේ ආඥා පිළිපැදීමට+ මම
කල් දැමුවේ නැත.+
61 දුෂ්ටයන්ගේ රැහැන් මා වෙළාගත්තේය.+
නමුත් මම ඔබේ නීතිය අමතක නොකළෙමි.+
62 ඔබ දුන් ධර්මිෂ්ඨ තීන්දුවලට+ ඔබට ස්තුති කිරීම සඳහා
මැදියම් රැයේ පවා මම අවදි වුණෙමි.+
63 ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයද+
ඔබේ අණපනත් පිළිපදින අයද+ මාගේ මිතුරෝය.
64 යෙහෝවා දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.+
දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+
ט [ට්ත්]
65 යෙහෝවා දෙවියනි, ඔබ පැවසූ ලෙස+
ඔබේ සේවකයාට ඔබ හොඳින් සැලකුවෙහිය.+
66 යහපත්කම් කිරීමට මට උගන්වන්න.+ සිහිබුද්ධිය+ හා දැනුම මට ලබා දෙන්න.+
මන්ද ඔබේ ආඥා කෙරෙහි මම විශ්වාසය තබා ඇත.+
67 පීඩා අද්දැකීමට පෙර මම නොදැනුවත්කමින් පව් කළෙමි.+
නමුත් මම දැන් ඔබේ වදන්වලට කීකරුව සිටිමි.+
68 ඔබ යහපත්ය. ඔබ සැමවිටම යහපත්කම් කරන්නෙහිය.+
දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+
69 අහංකාර අය මා ගැන බොරු පතුරුවා ඇත.+
නමුත් මම මුළු හදවතින්ම ඔබේ අණපනත්වලට කීකරු වන්නෙමි.+
70 මිදුණු තෙල් මෙන් ඔවුන්ගේ සිත්වලට කිසිවක් නොදැනෙයි.+
නමුත් මම නම් ඔබේ නීතියට ප්‍රිය කරමි.+
71 පීඩා අද්දැකීමට සිදු වීම ගැන මම සතුටු වෙමි.+
මන්ද එමගින් ඔබේ නියෝග හොඳින් තේරුම්ගැනීමට මට හැකි විය.+
72 ඔබේ මුඛයෙන් නික්මුණු නීතිය+ මාගේම ප්‍රයෝජනය සඳහාය.+
රන් හා රිදී ෂෙකෙල් දහසකටත් වඩා මට එය වටින්නේය.+
י [යෝද්]
73 ඔබ ඔබේම දෑතින් මාව සාදා මාව ශක්තිමත් කළෙහිය.+
ඔබේ ආඥා ඉගෙනගැනීමට හැකි වන පිණිස මට තේරුම්ගැනීමේ හැකියාව ලබා දෙන්න.+
74 මම ඔබේ වදන් ඉටු වන තෙක් බලාපොරොත්තුවෙන් සිටිමි.+
ඔබ කෙරෙහි ගරුබියක් දක්වන අය එය දැක ප්‍රීති වෙති.+
75 යෙහෝවා දෙවියනි, ඔබ දෙන තීන්දු ධර්මිෂ්ඨ බව මම හොඳින් දනිමි.+
ඔබ මට දුන් තරවටුවෙන් ඔබේ විශ්වාසවන්තකම මට තව තවත් තහවුරු විය.+
76 අනේ, ඔබේ ප්‍රේමයෙන් මාව සනසන්න.+
ඔබේ සේවකයාට ඔබ පොරොන්දු වූ ලෙස එසේ කරන්න.+
77 මාගේ ජීවිතය රැකෙන පිණිස ඔබේ දයාව මට පෙන්වන්න.+
මන්ද ඔබේ නීතියට මම ඇලුම් කරමි.+
78 අහංකාර අයව ලැජ්ජාවට පත් කරන්න. මන්ද කිසි හේතුවක් නැතුව ඔවුහු මාව නොමඟ යැව්වෝය.+
නමුත් මම ඔබේ අණපනත් ගැන නිරතුරුවම කල්පනා කළෙමි.+
79 ඔබේ සිහිගැන්වීම් ගැන දන්නා,+
ඔබ කෙරෙහි ගරුබියක් ඇති අය මා වෙතට පැමිණෙත්වා!+
80 ඔබේ නියෝග කඩ නොකර මාගේ මුළු හදවතින්ම ඒවා පිළිපැදීමට මට හැකි වේවා!+
එවිට මම කිසිවිටක ලැජ්ජාවට පත් නොවනු ඇත.+
כ [කෆ්]
81 ගැලවීම සලසා දෙන තෙක් ඔබ දෙස බලා සිටීමෙන් මම වෙහෙසට පත්ව සිටිමි.+
ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+
82 ඔබේ වදන් ඉටු වන තෙක් බලා සිටීමෙන් මාගේ දෙනෙත් විඩාබර වී ඇත.+
මම ඔබෙන් මෙසේ අසන්නෙමි. “ඔබ මාව සනසන්නේ කවදාද?”+
83 මම, දුම් වැදී ඇකුළුණු සම් භාජනයක්+ මෙනි.
නමුත් ඔබේ නියෝග මට අමතක වී නැත.+
84 ඔබේ සේවකයා තව කොපමණ කාලයක් බලා සිටින්නද?+
මට පීඩා කරන අයට ඔබ දඬුවම් කරන්නේ කවදාද?+
85 ඔබේ නීතියට අනුව ක්‍රියා නොකරන උඩඟු අය,+
මාව හසු කරගැනීමට උගුල් අටවා ඇත.+
86 ඔවුහු කිසි හේතුවක් නැතුව මට පීඩා කළෝය. අනේ දෙවියනි, මට උපකාර කරන්න.+
ඔබේ සියලු ආඥා විශ්වාසවන්තය.+
87 තව කෙටි කලක් ගත වූවා නම් මේ වන විටත් ඔවුන් මාව මිහිපිටින් තුරන් කර හමාරය.+
නමුත් මම ඔබේ අණපනත්වලින් ඈත් නොවුණෙමි.+
88 ඔබ ඉතා ප්‍රේමණීය කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+
එවිට ඔබේ මුවින් නික්මුණු සිහිගැන්වීම්වලට+ අවනත වීමට මට හැකි වනු ඇත.
ל [ලාමෙද්]
89 යෙහෝවා දෙවියනි, ඔබේ වචනය අහස මෙන් ස්ථිරය.+
එය සදහටම පවතින්නේය.+
90 ඔබේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+
ඔබ පොළොව කිසිදා නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටෙව්වෙහිය.+
91 ඔබ පැනවූ නීතිවලට අනුව ඒවා අද දක්වාම පවතින්නේය.+
මන්ද ඒ සියල්ල ඔබ යටතේ සිටින සේවකයෝය.+
92 මා ඔබේ නීතියට ඇලුම් නොකළේ නම්,+
මා අද්දුටු විපත්ති නිසා මම විනාශ වී යනු ඇත.+
93 කිසිදා මම ඔබේ අණපනත් අමතක නොකරමි.+
මන්ද මාගේ දිවි රැකුණේ ඒවා නිසාය.+
94 මා අයිති ඔබටය. අනේ, මාව බේරාගන්න.+
මන්ද ඔබේ අණපනත් පිළිපැදීමට මම මහත් වෙහෙසක් දැරුවෙමි.+
95 මාව විනාශ කර දැමීමට දුෂ්ටයෝ මාන බලමින් සිටියෝය.+
නමුත් මම ඔබේ සිහිගැන්වීම් වෙතට මාගේ මනස යොමු කළෙමි.+
96 අංග සම්පූර්ණ සෑම දෙයකටම සීමාවක් ඇත.+
නමුත් ඔබේ ආඥාවලට නම් සීමාවක් නැත.
מ [මෙම්]
97 ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි.+
දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.+
98 ඔබේ ආඥා නිසා මාගේ සතුරන්ට වඩා මම ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරමි.+
මන්ද ඒවා සැමදා මට මඟ පෙන්වන්නේය.+
99 මාගේ ගුරුවරුන් සියලුදෙනාට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් මා සතුය.+
මන්ද ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි.+
100 වයසින් මුහුකුරා ගිය අයට වඩා නිසි අවබෝධයකින් මම කටයුතු කරමි.+
මන්ද මම ඔබේ අණපනත්වලට කීකරු වෙමි.+
101 ඔබේ වදන්වලට කීකරු වන පිණිස+
කිසි වැරදි මාර්ගයක ගමන් කිරීමට මාගේ පාදවලට මම ඉඩ නොදුන්නෙමි.+
102 ඔබ දුන් තීන්දු මම නොසලකා නොහැරියෙමි.+
මන්ද ඒවා මට ඉගැන්වූවේ ඔබය.+
103 ඔබේ වදන් මාගේ දිවට කොතරම් මිහිරිද!
එසේය, ඒවා මීපැණිවලටත් වඩා මිහිරිය.+
104 ඔබේ අණපනත් නිසා මම හොඳ අවබෝධයකින් කටයුතු කරමි.+
සියලු වැරදි මාර්ගවලට මම ද්වේෂ කරන්නේ ඒ නිසාය.+
נ [නුන්]
105 ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+
මා යන මාවතට එළියක්ය.+
106 ඔබේ ධර්මිෂ්ඨ තීන්දුවලට එකඟව ක්‍රියා කිරීමට
මම පොරොන්දු වුණෙමි.+ එය මම ඉටු කරන්නෙමි.+
107 මම බොහෝ දුක් ගැහැටවලට මුහුණ දුන්නෙමි.+
අනේ යෙහෝවා දෙවියනි, ඔබ පැවසූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+
108 යෙහෝවා දෙවියනි, මාගේ මුවින් කරන ප්‍රශංසාව පූජාවක් ලෙස පිළිගන්න.+ මම ඒවා කැමැත්තෙන්ම ඔබට ඔප්පු කරන්නෙමි.
දෙවියනි, ඔබේ තීන්දු ගැන මට උගන්වන්න.+
109 මාගේ ජීවිතය තිබෙන්නේ අනතුරේය.+
නමුත් ඔබේ නීතිය මම කිසිවිටක අමතක නොකළෙමි.+
110 දුෂ්ටයෝ මට උගුලක් ඇටෙව්වෝය.+
නමුත් ඔබේ අණපනත්වලින් මම ඉවත්ව නොගියෙමි.+
111 ඔබේ සිහිගැන්වීම් මාගේ උරුමය ලෙස මම සදහටම තබාගන්නෙමි.+
මන්ද ඒවා මාගේ සිතට සතුටක් ගෙන දෙන්නේය.+
112 මාගේ ජීවිතයේ අවසානය දක්වාම ඔබේ නියෝගවලට කීකරු වීමට මම අදිටන් කරගත්තෙමි.+
එසේය, හැමදාටම මම ඔබේ නියෝගවලට කීකරු වෙමි.+
ס [සාමෙක්]
113 දෙගිඩියාවෙන් සිටින අයට මම ද්වේෂ කරමි.+
නමුත් මම ඔබේ නීතියට ඇලුම් කරමි.+
114 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. ඔබ මාගේ පලිහය.+
ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+
115 දුෂ්ටයෙනි, මාගෙන් ඉවත්ව යන්න.+
එවිට මාගේ දෙවිගේ ආඥාවලට කීකරු වීමට මට හැකි වන්නේය.+
116 මාගේ දිවි රැකෙන පිණිස ඔබ පොරොන්දු වූ ලෙස මට උපකාර කරන්න.+
මාගේ බලාපොරොත්තු කඩ වී මා ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
117 මාව ශක්තිමත් කර මට ගැලවීම ලබා දෙන්න.+
එවිට මට සැමදා ඔබේ නියෝගවලට කීකරු වීමට හැකි වන්නේය.+
118 ඔබේ නියෝගවලට පිටු පා කටයුතු කරන සියල්ලන්ව ඔබ ප්‍රතික්ෂේප කරන්නෙහිය.+
ඔවුහු කපටි බොරුකාරයෝය.+
119 බොර ඉවත් කර දමන්නාක් මෙන් පොළොවේ සිටින සියලු දුෂ්ටයන්ව ඔබ තුරන් කර දමන්නෙහිය.+
එබැවින් ඔබ දෙන සිහිගැන්වීම්වලට මම ඇලුම් කරමි.+
120 ඔබ කෙරෙහි ඇති ගරුබිය නිසා මාගේ ඇඟ කිලිපොළා යන්නේය.+
ඔබේ තීන්දු නිසා මම තැතිගත්තෙමි.+
ע [ආයින්]
121 මම සාධාරණ ලෙස විනිශ්චය කළෙමි. මම ධර්මිෂ්ඨ දේ කළෙමි.+
අනේ, මට අසාධාරණකම් කරන අයගේ අතට මාගේ ජීවිතය භාර නොදෙන්න.+
122 ඔබේ සේවකයා වෙනුවෙන් ඔබ යහපත කරන බවට සහතිකයක් දෙන්න.+
මට අසාධාරණකම් කිරීමට අහංකාර අයට ඉඩ නොදෙන්න.+
123 ඔබේ ධර්මිෂ්ඨ වදන් ඉටු වන තෙක් බලා සිටීමෙන්+
එසේය, ඔබ ගැලවීම සලසා දෙන තෙක් බලා සිටීමෙන් මාගේ දෙනෙත් විඩාබර වී ඇත.+
124 ඔබේ අතිමහත් ප්‍රේමය පෙන්වා ඔබේ සේවකයාට යහපත කරන්න.+
දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+
125 මම ඔබේ සේවකයාය.+ ඔබේ සිහිගැන්වීම්+ තේරුම්ගැනීමට
මට උපකාර කරන්න.+
126 යෙහෝවා දෙවියනි, කාලය පැමිණ තිබෙන බැවින් නැඟී සිටින්න.+
මන්ද ඔවුහු ඔබේ නීතිය කඩ කළෝය.+
127 ඔබේ ආඥා රන්වලටත් වඩා එසේය, පවිත්‍ර රන්වලටත් වඩා වටින නිසා+
මම ඒවාට බොහෝ සෙයින් ඇලුම් කරමි.+
128 සෑම දෙයක් ගැනම ඔබ දී තිබෙන අණපනත් යහපත් බව මම පිළිගනිමි.+
මම සියලු වැරදි මාර්ගවලට ද්වේෂ කරන්නෙමි.+
פ [ප්]
129 ඔබ දෙන සිහිගැන්වීම් කොතරම් ශ්‍රේෂ්ඨද!+
එබැවින් මම ඒවා පිළිපදිමි.+
130 ඔබේ වදන්වල අර්ථය එළිදරව් වන විට ආලෝකය ලැබෙයි.+
අද්දැකීම් අඩු අයට එයින් අවබෝධය ලැබෙයි.+
131 ඔබේ ආඥාවන් ලැබෙන තෙක්+
මම මහත් ආශාවකින් බලා සිටිමි.+
132 මා වෙත හැරී මට කරුණාව පෙන්වන්න.+
ඔබේ නාමයට ඇලුම් කරන්නන්ට ඔබ යුක්තිය ඉටු කර දෙන අයුරින්ම මටද යුක්තිය ඉටු කර දෙන්න.+
133 මා ගන්නා සෑම පියවරක්ම ඔබේ වදන්වලට එකඟව ගැනීමට මට උපකාර කරන්න.+
කිසිම දුෂ්ට දෙයකට මාව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.+
134 වංචනිකයන්ගෙන් මාව බේරාගන්න.+
මම ඔබේ අණපනත් පිළිපදින්නෙමි.+
135 ඔබේ සේවකයාට කරුණාව පෙන්වන්න.+
දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+
136 ඔවුන් ඔබේ නීතිය කඩ කළ නිසා+
මාගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලා ගියේය.+
צ [ට්සාධේ]
137 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨය.+
ඔබ දෙන තීන්දුද යුක්තිසහගතය.+
138 ඔබේ සිහිගැන්වීම්වලට+ කීකරු වන ලෙස ඔබ අපට අණ කළෙහිය.
මන්ද ඔබ ධර්මිෂ්ඨය. විශ්වාසවන්තය.+
139 මා තුළ තිබෙන උද්යෝගය ඇවිළෙන ගින්නක් මෙන් මාව දවා දැමුවේය.+
මන්ද මාගේ සතුරන්ට ඔබේ වදන් අමතක වී ඇත.+
140 ඔබේ වදන් ඉතා පවිත්‍රය.+
ඔබේ සේවකයා ඊට අතිශයින් ප්‍රිය කරන්නේය.+
141 කිසි වැදගැම්මකට නැති, පහත් තැනැත්තෙකු ලෙස ඔවුන් මාව සැලකුවත්+
ඔබේ අණපනත් මම අමතක නොකරන්නෙමි.+
142 ඔබේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේය.+
ඔබේ නීතිය සැමවිටම විශ්වාසවන්තය.+
143 දුක් වේදනා හා දුෂ්කරතා බොහොමයක් මා අද්දැක්කත්+
ඔබේ ආඥාවලට මම ඇලුම් කරමි.+
144 ඔබේ සිහිගැන්වීම් කොතරම් ධර්මිෂ්ඨද! ඒවා සදහටම එලෙසම පවතින්නේය.+
මාගේ දිවි රැකෙන පිණිස මට ඒවා තේරුම්ගැනීමට උපකාර කරන්න.+
ק [කෝෆ්]
145 මාගේ මුළු හදින්ම මම ඔබට කන්නලව් කළෙමි.+ යෙහෝවා දෙවියනි, මට පිළිතුරු දෙන්න.+
ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.+
146 මම ඔබට හඬගැසුවෙමි. අනේ, මාව බේරාගන්න.+
ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වන්නෙමි.+
147 ඔබේ උපකාර පැතීමට+ මම හිමිදිරි උදයේ+ අවදි වුණෙමි.
ඔබ මට පිළිතුරු දෙන තෙක් මම බලා සිටියෙමි.+
148 ඔබේ වදන් ගැන ගැඹුරින් කල්පනා කිරීමට+
මම මැදියම් රැයේ අවදි වුණෙමි.+
149 අනේ යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය පෙන්වමින් මාගේ කන්නලව්වට සවන් දෙන්න.+
ඔබ තීන්දු කළ ලෙස මාගේ දිවි රැක දෙන්න.+
150 නින්දිත ක්‍රියාවල නියැලෙන්නෝ+ මා අසලටම පැමිණ සිටිති.
ඔවුහු ඔබේ නීතියෙන් ඈත්ව සිටිති.+
151 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ සමීපයේ සිටින්නෙහිය.+
ඔබේ සියලු ආඥා විශ්වාසවන්තය.+
152 බොහෝ කාලයක සිට ඔබේ සිහිගැන්වීම්+ සමහරක් මම දැන සිටියෙමි.
සදහටම පවතින ලෙස ඔබ ඒවා පිහිටුවා ඇත.+
ר [ර්ෂ්]
153 දෙවියනි, මා විඳින දුක් ගැහැට දෙස බලා මාව බේරාගන්න.+
මන්ද ඔබේ නීතිය මම අමතක නොකළෙමි.+
154 මා වෙනුවෙන් පෙනී සිට මාව බේරාගන්න.+
ඔබ පොරොන්දු වූ ලෙස මාගේ දිවි රැක දෙන්න.+
155 ගැලවීම දුෂ්ටයන්ගෙන් ඉතා ඈත්ව තිබේ.+
මන්ද ඔවුහු ඔබේ නියෝග පිළිපැදීමට උත්සාහ නොකරති.+
156 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන දයාව අතිමහත්ය.+
ඔබ තීන්දු කළ ලෙස මාගේ දිවි රැක දෙන්න.+
157 මට පීඩා කරන්නෝ බොහෝය. මාගේ සතුරෝ ගණනින් අධිකය.+
නමුත් මම ඔබේ සිහිගැන්වීම් අමතක නොකළෙමි.+
158 ද්‍රෝහිකම් කරන්නන්ව මම දුටුවෙමි.+
ඔවුන් ඔබේ වදන්වලට කීකරු නොවන නිසා ඔවුන් මට පිළිකුලකි.+
159 ඔබේ අණපනත්වලට මා අතිශයින් ප්‍රිය කරන බව අමතක නොකරන්න.+
යෙහෝවා දෙවියනි, ඔබ ප්‍රේමණීය දෙවි කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+
160 ඔබේ වදන් සත්‍යය.+
ඔබ දෙන සෑම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතින්නේය.+
ש [සින්] හෝ [ෂින්]
161 කිසිම හේතුවක් නොමැතිව අධිපතීහු මට පීඩා කළෝය.+
නමුත් මම ඔබේ වදන් කෙරෙහි පමණක් ගරුබියක් පෙන්වූවෙමි.+
162 වටිනා වස්තුවක් ලබාගත් තැනැත්තෙකු මෙන්+
ඔබේ වදන් ගැන මම සතුටු වෙමි.+
163 මම වංචාවට ද්වේෂ කරමි.+ සැමදා එයට පිළිකුල් කරමි.+
නමුත් ඔබේ නීතියට මම අතිශයින් ප්‍රිය කරමි.+
164 ඔබේ තීන්දු ධර්මිෂ්ඨ නිසා+
දවසට සත් වතාවක්ම මම ඔබට ප්‍රශංසා කළෙමි.+
165 ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක් අද්දකිනු ඇත.+
පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+
166 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+
ඔබේ ආඥා මම පිළිපදිමි.+
167 ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වෙමි.+
ඒවාට අතිශයින් ප්‍රිය කරමි.+
168 ඔබේ අණපනත් හා සිහිගැන්වීම්වලට මම කීකරු වෙමි.+
ඔබ මාගේ සියලු ක්‍රියා දකින්නෙහිය.+
ת [ටාව්]
169 යෙහෝවා දෙවියනි, මාගේ කන්නලව්වට සවන් දෙන්න.+
ඔබ පොරොන්දු වූ ලෙස තේරුම්ගැනීමේ හැකියාව මට ලබා දෙන්න.+
170 කරුණාව පතා මා ඔබට කරන ඉල්ලීමට ඇහුම්කන් දෙන්න.+
ඔබ පොරොන්දු වූ ලෙස මාව බේරාගන්න.+
171 මාගේ දෙතොල් නිරතුරුවම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!+
මන්ද ඔබේ නියෝග ඔබ මට උගන්වන්නෙහිය.+
172 මම ඔබේ වදන් ගැන ගී ගයන්නෙමි.+
මන්ද ඔබේ සියලු ආඥා ධර්මිෂ්ඨය.+
173 ඔබේ හස්තයෙන් මට උපකාර කරන්න.+
මන්ද ඔබේ අණපනත්වලට කීකරු වීමට මම තීරණය කළෙමි.+
174 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම ලබා දෙන තෙක් මම මහත් ආශාවෙන් බලා සිටිමි.+
ඔබේ නීතියට මම ඇලුම් කරමි.+
175 ඔබට හැමදාටම ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස මාගේ දිවි රැක දෙන්න.+
ඔබේ තීන්දුවලින් මට උපකාර ලැබේවා!+
176 අතරමං වූ බැටළුවෙකු මෙන් මම මංමුළා වුණෙමි.+ ඔබේ සේවකයාව+ සොයා, නැවත රැගෙන යන්න.
මන්ද ඔබේ සේවකයා වන මට ඔබේ ආඥා අමතක වී නැත.+